නීතිඥ සංගමයේ දුෂණ

නීතිඥ සංගමයේ දුෂණ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ

නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ.

 

 

අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් “ජයිකා” (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්දතිස්ස යන අයට චෝදනා එල්ල විය.

නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ පත් කිරීමට ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය තීරණය කර ඇත.

Related Articles