නින්දෙන් අවදි වූ රනිල්

නින්දෙන් අවදි වූ රනිල්

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික වරද නිවැරදි කරන බව රනිල් වික්‍රමසිංහ පැවසුවේ ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ දීය .

 

President Ranil: ‘India’s cooperation is vital for the development of ...

1977 සිට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක්ව සිටි එමෙන්ම කීප වතාවක් අගමැති තනතුර දැරූ රනිල් වික්‍රමසිංහ මේ ජාතික වරද සිදුවෙන තුරු කොහි සිටියේද යන ප්‍රශ්නය මතුවේ

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

පුරා වසර දෙදහසක් පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලේ වරාය රෝම අධිරාජ්‍යයේ නාවිකයින්ද පැමිණි වරායක් විය .

දකුණු ආසියානු රටවල් ගණනාවක් ඉන්දීය සාගරයේ නාවික ගමනා ගමනයේ යෙදෙන අතරතුර මෙම වරයාට සේන්දු වුහ

පෘතුගීසින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල තම ආධිපත්‍ය පිහිටුවා වන විට ත්‍රිකුණාමලය වරාය තම පාලනයට නතු කරගත්හ. ලන්දේසින්ද මුහුදු බඩ ප්‍රදේශවල තම ආධිපත්‍ය පිහිටුවා ගත් සැනින් ත්‍රිකුණාමලය වරාය අල්ලා ගත්හ.

ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය පාලකයින් නාවික මර්මස්ථනයක් ලෙස භාවිතා කළහ.

භූ දේශපාලනික පොරය
දැනට ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික අවශ්‍යතාවන් මත ඉන්දියාව සහ චීනය අතර ඇතිව තිබෙන පොරය හමුවේ ත්‍රිකුණාමලය වරාය විශේෂ වැදගත් කමක් හිමි වී තිබේ.

Trincomalee Natural Harbour, Sri Lanka Stock Image - Image of natural ...

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික වරද සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පවසන කරුණ සත්‍යයකි .

නිදහසින් පසුව පත්වූ කිසිදු පාලකයෙකුට පෘතුගීසි ,ලන්දේසි හෝ බ්‍රිතාන්‍ය පාලකයින් ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන් දැක්වූ උන්දුවෙන් දාහෙන් පංගුවක උනන්දුවක් දක්වා නැත.

 

Related Articles