නාරම්මල නගරය ආසන්නයේ දී කේ.ඒ. රොෂාන්ත කුමාරසිරි හිසට වෙඩි තබා මර දැමීම ගැන කණගාටුව පල කළ වයඹ නියෝජ්‍ය පොලිස්පති කියා සිටියේ මේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරියා සාමානය පුර වැසියෙක් සේ සලකා සාධරණ පරීක්ෂණයක් සිදු කරන බවයි.
පසුගිය 18 වැනි දා පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ සිවිල් ඇඳුමින් සැරසුන නාරම්මල පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති (උ.පො.ප) ගුණවර්ධන ලොරිය නතර කොට ඇති නමුත් නතර නොකළ හෙයින් හඹා ගෙන ගොස් තමන්ගේ පිස්තෝලයට පතරොමක් ඇතුල් කොට වෙඩි තබා ඇත .
සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කළේ ලොරිය නතර කල පසු පොලිස් නිලධාරියා පිස්තෝලයට උණ්ඩයක් ඇතුල් කළේ වෙඩි තැබීමට බවයි .
මහරච්චිමුල්ල වෑත්තෑකන්ද, 05 කණුව පදිංචි තිදරු පියකු වූ කේ. ඒ. රොෂාන්ත කුමාරසිරිට ගේ මරණය පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පැවසුවේ මේ පොලිස් නිලධාරියාගේ මානසික රාමුව පිළබඳව කල්පනා කලයුතු බවය . රටේ සාමාන්‍ය ජනතාව අපරාධ කරුවන් සේ සලකා ක්‍රියාත්මක වන පොලිස් මානසිකත්වයක් ගොඩ නැගෙමින් පවතින බවයි උඩුවරගෙදර පවසන්නේ .
නාරම්මල පොලීසිය තුල මෙම මානසිකත්වය ගොඩ නැගුන හැටි තහවුරු නොවූ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
නාරම්මල පොලිසියේ දූෂණ මර්දන අංශයේ (උ.පො.ප) ගුණවර්ධන යන නිලධාරියා වැඩබලන ස්ථානාධිපති ලෙස පත් වී ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයකු සමඟ නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකුගෙන් රු. 10,000ක මුදලක් අල්ලස් ලෙස ගන්නා අවස්ථාවේදී පසුගිය 16 දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බව වාර්තා වී ඇත.
මේ උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (18) උදෑසන දූෂණ මර්දන වැටලීම්වලට යන බව සඳහන් කර පොලිස් ස්ථානයෙන් පිට වී ගොස් ඇති අතර, එහිදී මේ නිලධාරියා හෝ සෙසු නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී යන බව සටහන් කර නැති බවත්, සටහන් තබා ඇත්තේ නිල ඇඳුමින් සැරසී ගමන් කරන ආකාරයට බවත් පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
යුක්තිය මෙහෙයුමට අදාළව වැටලීම් කිරීමටයැයි කියා උසස් නිලධාරීන් කිසිවකුගේත් අවසරයක් නැතිව මේ නිලධාරියා දූෂණ මර්දන අංශයේ නිලධාරිනියක සහ නිලධාරීන් දෙදෙනක සමඟ පොලිස් ස්ථානයෙන් සිවිල් ඇඳුමින් සැරසී පිටත්ව ගොස් ඇත්තේ සිවිල් ඇඳුමින් බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මේ නිලධාරියා සමඟ දූෂණ මර්දන වැටලීමට ගොස් ඇත්තේ (පො.සැ) අමරතුංග (40925), (පො.කො) කුලසේකර (72817), (කා.කො) බාලසූරිය (9516) යන නිලධාරීහු පිරිසය.
මෙදින දහවල් කාලයේ නාරම්මල පොලිස් වසම තුළ කරක්ගසා ඇති මේ නිලධාරීන්ට කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී දහවල් කාලයේ පොලිස් ස්ථානයට පැමිණ ඇත. එහිදී මේ නිලධාරීන් රාජකාරිය අවසන් කිරීමේ සටහන් නොදමා දහවල් ආහාරය ගෙන පොලිස් ස්ථානය තුළ මඳ වේලාවක් රැඳී සිට ඇත. දහවල් ආහාරයෙන් පසු සැරයන්වරයා සහ කාන්තා කොස්තාපල්වරිය පොලිස් ස්ථානයේ රැඳී සිට ඇති බවත්, උප පොලිස් පරීක්ෂකවරයා කවුරුන් හෝ අල්ලාගෙන විත් දවසේ වැටලීම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා (පො.කො) කුලසේකර සමඟ නිලධාරියාට අයත් පෞද්ගලික යතුරුපැදියේ නැගී ගමන් කර ඇති බවත් අභ්‍යන්තර පොලිස් තොරතුරු වලින් දැන ගන්නට ඇත .
මේ නිලධාරීන් දෙදෙනා සවස් කාලය වන තුරු නාරම්මල ප්‍රදේශයේ සැරිසැරුවත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත. හිස් අතින් නැවත පොලිස් ස්ථානයට පැමිණීමට මැළිකමක් දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයා නාරම්මල හාල්වැල්ල හන්දිය අසල පොලිස් කොස්තාපල් කුඅල්සේකර සමඟ බොහෝ වේලාවක් රැඳී සිටියේය
කේ.ඒ. රොෂාන්ත කුමාරසිරි පැදවූ Q 7238 අංකය දරන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරිය සිවිල් ඇඳුමින් සැරසී සිටි ගුණවර්ධන විසින් නතර කළ නමුත් එය නතර නොවූ තැන එය හඹා යෑමට ගුණවර්ධන තමන්ගේ මෝටර් සයිකලයට නැගුනේය .
ටික දුරක් ගිය රථය කඩ මණ්ඩිය අසල නතර විය . අසල සිටි අයෙක් පැවසුවේ අසභ්‍ය වචන කියමින් පිස්තෝලයට වෙඩි උණ්ඩයක් දමාගත් ගුණවර්ධන රොෂාන්ත කුමාරසිරි ගේ හිසට පිස්තොලය එල්ල කල බවයි .
හිසත් ඉදිරි වීදුරුවත් පස කරගෙන ගිය උණ්ඩය අහුලාගත් ගුණවර්ධන එය තම සාක්කුවට දමා ගත්තේය.
අසළ සිටි තරුණයෙක් වහාම ජංගම දුරකථනයෙන් රූප ගත කිරීම ආරම්භ කළේය . එහි මෙසේ සටහන්ය :
“මූ මැරෙන්න ඇති නේද ? අනේ නෑ අපි එහෙම හිතාගෙන ආවේ නෑ. වෙඩි තැබූ උපපොලිස් පරීක්ෂක ගුණවර්ධන කියයි
අසල සිටි තරුණයෙක් කෙන්තියෙන් කථා කරයි : එහෙම කියන්න එපා සත්තු නෙවේනේ. බල්ලො බලල්ලු නෙවේනෙ ඔහොම මරලා දාන්න. ඔයාලා මාර මනුස්සයෝනේ….”
”මාර අත්වැරදීම් එව්වා… පොලීසියෙන් ආවා. අර මල්ලි නැවැත්තුවා. මෙතැන ඇවිල්ලා නැවැත්තුවාට පස්සෙ පිටිපස්සෙ සීට් එකේ ඉඳපු එක්කෙනා ඇවිල්ලා ගැහුවා. ඊළඟට අනිත් එක්කෙනා ඇවිල්ලා කුණුහරුපයක් කියලා වෙඩිතිබ්බා ඔළුවටම”
පොලිස් අරමුදලෙන් රුපියල් මිලියනයක්:
මේ වන විට මිය ගිය රොෂාන්ත කුමාරසිරි ගේ පවුලට පොලිස් අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නියෝගයෙන් ලබා දී ඇති බව පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙක් පැවසුවේ පිය අහිමිවූ වූ ඒ තුන්දරු පවුල අසරණ වී ඇති හෙයින් ඔවුන්ට මුදල් ලබා දීම සාධරණ නමුත් මහජන මුදල් වැය කොට මතුව ඇති මහජන විරෝධය යටපත් කිරීමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව හොයා බැලිය යුතු බවයි.
අනෙක් අතට සිදුවූ අපරාධයේ තරමට රුපියල් මිලියනයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනා පවසති
වැඩ බලන පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මියගිය රොෂාන්ත ගේ නිවසට ගොස් කියා සිටියේ පොලීසියේ නිලධාරීන් අසුපන්දහසක් සිටින බවත් ඒ කාටවත් මෙසේ ක්‍රියාත්මක වීමට කියා නැති බව පැවසුවේය. මේ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙක් පැවසුවේ දේශබන්දුද ඒ අසුපන්දහ අතුරින් ක්‍රියාත්මක නොවිය යුතු අයුරින් ක්‍රියාත්මක පොලිස් නිල ධාරියෙක් බව අධිකරණය මගින් තීරණය කොට ඇති බව ඔහූට අමතකද යන්න ප්‍රශ්න කලයුතු බවයි