දේශබන්දුට නඩු ?

දේශබන්දුට නඩු ?

කොළඹදී විශ‍ේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ අගමැති කියන ආකාරයට පොලිස්පතිගේ බලය තවම දේශබන්දු සතුව නැති බවත් පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් කීය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්නෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, එනිසා ඉන් ලබාදෙන තීන්දු පාර්ලිමේන්තුවේ කතාවකින් බල රහිත කළ නොහැකි බවත්, ඒ අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් මහතා අවධාරණය කරයි.

එසේම, මේ ආණ්ඩුවම ගෙනා තීතියක් ඇති බවත්, එයට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම්වලින් දඩුවම් කළ හැකි බවද ඔහු පෙන්වාදෙයි.

මේ රටේ ජනාධිපතිවරු යනු රජවරුන් නොවන බවත්, ජනපතිවරයකුට තමුන් කැමැති අත්තනෝමතික තීන්දු ගැනීමට නොහැකි බවත්, අදාළ තත්ත්වය නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්  ජනාධිපතිවරයාගේ තීරණ, තීන්දු හා ක්‍රියා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතියි ඔහු පෙන්වා දෙයි.

පොලිස්පති දේශබන්දු නිල ඇඳුමින් ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේය . ආණ්ඩු පක්ෂය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය .

ඔහු සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවෙන් අනතුරුව ඔහු තවමත් ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වී නැත

 

Related Articles