දුෂණය පිටු දකින්න පුළුවන්ද?

දුෂණය පිටු දකින්න පුළුවන්ද?

අණපනත් වලින් පමණක් වංචාව දූෂණය පිටුදැක අප රටේ දැඩි මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කල හැකිද යන ප්‍රශ්නය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නැගෙමින් පවතී .

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ දුෂණය පිළිබඳව දර්ශකයේ 2022වර්ෂයේ රටවල් 180 කින් 101 තැනේ පසුවිය.

රටක ජනතාව එම රට දුෂිත බව සිතන්නේ නම් එම රටට දුෂණ දර්ශකයේ ඉහල තැනක් හිමිවේ .ලකුණු කිරීමට අනුව ලකුණු 100න 36ක් ලැබී තිබේ. දුෂණය අඩුම රටවල් වන ඩෙන්මාර්ක් (90) ස්වීඩන් (90 ) සහ පින්ලන්තයට (87) ලකුණු සීයට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත .
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ රටේ මුල්‍ය විනය ඉතා දුර්වල බවත් දැඩි කළමනාකරණයක් නොමැතිව ගැටළුව විසඳිය නොහැකි බවයි .

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කල අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දුවක් ලබා දී ඇත .

 

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පෙන්වා දුන්නේ නීති මාර්ගයෙන් මේ පිරිසට දඬුවම් ලැබ දිය යුතු බවයි .එහෙත් මේ තාක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල ඒ ආර්ථික අපරාධ කරුවන්ට එරෙහිව පියවර ගෙන නැත.

 

මේ අතරවාරේ රටේ දැඩි මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ අණපනත් රාශියක් සම්මත කරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පවසයි .

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන

හුදෙක් අනාගතවාදීව අණපනත් සම්ම්මත කොට මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇති කල හැකිද යන ප්‍රශ්නය මතුවේ.

විපක්ෂයෙන්ද ආර්ථික අපරාධකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් ගැනීම සඳහා උනන්දුවක් ඇති බව පේන්නට නැත

මේ අතරවාරේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන

ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සඳහා වූ පුළුල් ජාතික දැක්ම, මාර්ගෝපදේශ සහ උපායමාර්ගය වැඩපිළිවෙළ ඉකුත්දා (16) කොළඹදී එළිදැක් වු අවස්ථාව අමතමින් කොළඹ ගාලුමෝදර හෝටලයේදී පැවසුවේ දුෂණයට වැට බඳින අණපනත් රැසක් සම්මත කරගෙන ඇති බවයි .

Related Articles