ත්‍රීරෝද රථයක් තුළ බිළිඳුගේ මළ සිරුරක් සොයා ගනී

ත්‍රීරෝද රථයක් තුළ බිළිඳුගේ මළ සිරුරක් සොයා ගනී

ගාල් කරන ලද ත්‍රිරෝද රථයේ පිටුපස පොහොර උරයක දමා තිබු බිළීදු මළ සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලිසිය විසින් පවසා සිටියි එහෙත් හෙන්ෆොලඩ් වතුයායේ ඩි එල් කොටසේ වතු නිවාස පේලක් අසල ගාල් කරන ලද තිබු ත්‍රිරෝද රථයකින් බරලතල දුගන්දයක් හමනබවට රථයේ සිටි රියදුරාගේ මව විසින් ඒ පිලිබද සොයා බැලිමේදි රථයේ පිටුපස තිබුනු මේ බිලිදු මල සිරුර සොයාගෙන තිබේ.

රථයේ රියදුරා ඒ වතුයායේම පදින්චිකරුවෙකු බවත් ඔහු ත්‍රිරෝද රථය කුලි රථ ගමනක් ගොස් ආපසු අද උදැසන (10) නිවසට පැමිණී විගස රථය ගාල් කර ඇති බව දැනට කරන ලද මූලික පරික්ෂණ වලදි අනාවරනය තහවුර කරගෙන ඇත.

තම දරුවාගේ දෙහය සම්බන්දයෙන් නුවර එලිය මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා කරනු සටහන් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියොග පරදි ඉදිරි පරික්ෂන කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසියේ නිලධාරියා තවදුරටත් පවසා සිටියි.

 

                    

Related Articles