ජවිපෙ ප්රචන්ඩ මාවත අතහැර ප්‍රජාතන්ත්‍රවදි මාවතට මාරුවීම හා ඒ මගින් වසර 30 ක් වැනි කාලයකට පසුව මේ වන විට ලොකු මහජන පිලිගැනීමක් හිමි කරගැනීමට සමත් වීම ප්‍රසස්ත දෙයක් ලෙස සැලකිය හැකි බව 1971 කැරැල්ලේ කොටස්කරුවෙක් වූ වික්ටර් අයිවන් කියා සිටී.
රාවය පුවත් පතේ ආරම්භක කතුවරයා වූ වික්ටර් අයිවන් පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විවේචනය කළේය .
ප්රචන්ඩ අරගල මාවතේ සිටියදී බරපතල වැරදි කර තිබෙන වියාපාරයක් වශයෙන් තමන් අතින් සිදුවූ බරපතල වැරදි නිවැරදි කර ගැනීමෙන් තොරව ප්රජාතන්ත්රවාදී මාවතට මාරුවීම ගැටළුවක් බවයි ඔහු පවසන්නේ .
.ජේවීපිය ප්රචන්ඩ මාවතෙන් ප්රජාතන්ත්රවාදී මාවතට මාරු වී තිබෙනුයේ එවැනි පරිවර්තනයකදී සම්පූර්ණ කළ යුතු පූර්ව කොන්දේසි විධිමත් ලෙස සම්පූර්ණ කිරීමකින් තොරවය.එය හරියටම පළමු කසාදයෙන් විධිමත් ලෙස දික්කසාද නොවී දෙවැනි කසාදයක් ඇතිකර ගැනීමකට සමාන කල හැකි බව අයිවන් පවසයි .
බිහිසුණු ත්‍රස්තවාදි ක්‍රියා
ප්රජාතන්ත්රවාදී මාවතට එකතු වන්නට පෙර සන්නද්ධ අරගල මාවතේ සිටියදී ජේවිපිය පැවතියේ බිහිසුණු ත්‍රස්තවාදි ක්‍රියාවල යෙදුණු ත්‍රස්තවාදි සංවිධානයක් වශයෙනි.එය සන්නද්ධ කැරලි දෙකකට නායකත්වය දුන් වියාපාරයක්ද විය.එහෙත් 1971 පළමු කැරැල්ලට ආදාල සියළු වැරදි වලට නෛතික වශයෙන් සමාව ලබාදී ඇති බැවින් එම පක්ෂයට ත්‍රස්තවාදි චෝදනා එල්ල කල හැක්කේ 1987-89 කාලයේ පැවති දෙවැනි කැරැල්ලට අදාලව පමණය.එම පක්ෂයේ දෙවැනි කැරැල්ලද තිබුණ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමය විනාශ කොට තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් ඇති කරගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාවට නගන ලද ඒ වෙනුවෙන් මිනිසුන් විශාල සංඛියාවක් ඝාතනය කරනු ලැබූ බිහිසුණු කැරැල්ලක් ලෙස සැලකිය හැකි බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි .
ඔහුට අනුව දෙවෙනි කැරැල්ල සැලකිය හැක්කේ රජයේ ආරක්ෂක හමුදා වෙනුවට සිවිල් වැසියන් ඉලක්ක කරගත් කැරැල්ලක් ලෙසය.දෙවැනි කැරැල්ලේදී කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ පුද්ගලයන් 6661 කු අතුරින් පොලිසිය, ආරක්ෂක හමුදා සාමාජිකයින් හා පොලිසියේ හෝ ආරක්ෂක හමුදාවල පවුල්වල සාමාජිකයින් ගනයට අයත් වන්නේ 688ක් (10.33%ක්)පමණය.ඔවුන් අතින් ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයින් 5973 ම (89.67%ක්)අයත් වන්නේ සිවිල් වැසියන් ගනයටය.ඒ නිසා එම කැරැල්ල ආරක්ෂක හමුදා වෙනුවට සිවිල් වැසියන් ඉලක්ක කරගත් කැරැල්ලක් ලෙස සැලකිය හැකිය.
සිවිල් ඉලක්ක
ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජුලි 26 වනදා සිට අගොස්තු 2 වනදා දක්වා වූ කාලය තුල රට පුරා පැවති කලබලවලින් 132 දෙනෙක් මරණයට පත්වූ බවත් 712 ඇත අඩංගුවට පත් වූ බවත් ආණ්ඩුවෙ ගොඩනැගිලි 520 කට ගිනිතබා තිබුන බවත් අයිවන් පෙන්වා දෙයි .
පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමකට ( 1988.08.18) කැරලි කරුවන් ග්‍රෙනේඩ් බෝම්බ දෙකකින් පහර දී
දෙදෙනෙක් මර දැමුහ .ඉන් පසු පවත්වන ලද පළාත් සභා මැතිවරණයක්(1988 අප්‍රේල්-ජූනි )ජනාධිපතිවරණයක්(1988.12.19) හා පාර්ලිමේන්තු මැතිවරණයක්(1989.02.15) තහනම් කොට එම මැතිවරණවලට තරඟ කල අපේක්ෂකයින්ද, එම මැතිවරණ රාජකාරිවල නිරතවූ රාජ්‍ය නිලධාරින්ද, ජන්දය පාවිච්චි කළ ජන්ද දායකයින්ද, තේරී පත්වූ මහජන නියෝජිතයින්ද මරා දමන පිලිවෙතක් අනුගමනය කල බව අයිවන් කියා සිටී .
බිහිසුණු ත්‍රස්තවාදි ව්‍යාපාරයක් දැඩි පරික්ෂාවකට ලක් කිරීමකින් තොරව එනම් ඔවුන් විසින් සිදුක කරන ලද බිහිසුණු අපරාධවලට බලවත් ලෙස කණගාටුව ප්‍රකාශ කිරීමකින් තොරව හා ඔවුන් විසින් සිදුකරන ලද අපරාධවලට ලබාදෙන පොදු සමාවකින් තොරව ඔවුන් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වීම ලංකාවේ රාජ්‍යයේ සුපරික්ෂා කාරිත්වයේ ඇස් අන්ධවී තිබුණු පරිමාව පෙන්නුම් කරන වැදගත් අවස්ථාවක් ලෙසයි වික්ටර් අයිවන් දකින්නේ .
පරණ අපරාධකාරි ඉතිහාසයේ උරුමය ජේවීපිය කෙරෙහිද කරදර ඇතිකරන සාධ දකයක් ලෙස බලපෑ හැකි බව වික්ටර් අයිවන් පවසයි .
ප්රචන්ඩ අරගල මාවතේ ගමන් ගත් ව්‍යාපාරයක් ප්රජාතන්ත්රවාදී මාවතට මාරුවීමේදී ප්රචන්ඩ අරගල මාවතේ සිටියදී එම සංවිදානය අතින් සිදුවූ අපරාධ ගැන සොයා බැලීමක් සිදු කිරීම.බරපතල අපරාධවලට වගකිවයුතු පුද්ගලයින්ට දඩුවම් කිරීම. සහ සන්නද්ධ අරගල කාලයේදී එම ව්‍යාපාරය අතින් සිදුවී තිබෙන අපරාධ ගැන
බලවත් ලෙස කණගාටුව පළකරණ ස්වයං විවේචනයක යෙදීම සම්මතය බවයි ඔහු කියා සිටින්නේ .
අයහපත් ලක්ෂණයක්
ජවිපෙ දෙවැනි කැරැල්ලේ වසර තුනක (1987-1989) කාලය තුළ සිදුකර තිබෙන මනුෂ්‍ය ඝාතන ගණන 6661 ක් බවත් එය දකුණු අප්‍රිකාවේ ANC වියාපාරය අතින් සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතන ගණන මෙන් 14 ගුණයක් තරම්ද අයර්ලන්තයේ IRA සංවිධානය අතින් සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතන ගණන මෙන් 3 ගුණයකටත් වැඩි බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි.
තම පක්ෂය අතින් සිදුවී තිබෙන බිහිසුණු අපරාධ ගැන ජවිපෙ තුළ බලවත් කම්පනයක් හෝ කණගාටුවක් නැති කමද එක දිගට ජවිපෙ කෙරෙන් පලවී තිබෙන අයහපත් ලක්ෂණයක් ලෙසයි ඔහු සලකන්නේ .
(වික්ටර් අයිවන් මුහුණු පොත් සටහනක් ඇසුරෙනි )