ජූඩ් සමන්ත අත්අඩංගුවට ගත හැකිද?

ජූඩ් සමන්ත අත්අඩංගුවට ගත හැකිද?

 

මරණීය දණ්ඩනය නියම ජූඞ් සමන්ත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් ලැබූ සමාව අක්‍රමවත් බව දැන් හෙළිදරව් වී තිබේ.

ජූඩ් සමන්ත අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කොට ඇතත් දැන් පවතින තත්ත්ව යටතේ ඔහුව අත්අඩංගුවට ගත හැකිද යන්න ප්‍රශ්නයකි.

නිදහස ලැබූ වහාම ජූඩ් සමන්ත සිංගප්පූරුව බලා බලා ගිය බව වාර්තා වූ නමුත් ඔහු තාමත් සිංගප්පූරුවේ සිටින්නේද එසේ නැත්නම් වෙනත් රටක් කරා ගියේද යන්න පැහැදිලි නැත .

මරණීය දණ්ඩනයට නියම වී සිටි ජූඞ් සමන්තට පලායෑමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වගකිව යුතු බව කියමින් මියගිය දහනම හැවිරිදි ස්වීඩන් ජාතික රෝන් ඉවෝන් ඇනට ජොන්සන් තරුණියගේ

දෙමව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට ඉඩ තිබෙන බව නීතිවේදීහු පෙන්වා දෙති.

අනෙක් අතට විදේශ ගතවී සිටින ජූඩ් සමන්තට වෙනත් රටකදී සරණාගත බව ඉල්ලා සිටීමේ හැකියාව උදාවී ඇත.

ජූඩ් සමන්ත තම අනන්‍යතාව වෙනස් කරගෙන වෙනත් රටක ජීවත් වන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීම පහසු නොවනු ඇත .

දීර්ඝ අධිකරණ විභාගය

කොළඹ රාජගිරිය රෝයල් පාර්ක් නිවසේදී ඉතා කෲර ලෙස මරා දැමුණු මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්න ජූඩ් සමන්තතට මරණය දණ්ඩනය නියම වුණේ දීර්ඝ අධිකරණ විභාගයකින් අනතුරුවය.

මරා දැමුණු තරුණියගේ හිසට ප්‍රහාර හැට හතරක් එල්ල වී තිබුණු අතර ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වී තිබිණි.

සමන්තගේ යහපැවැත්ම හේතුවෙන් සහ අධ්‍යාපන කටයුතුවල නිරත වී උපාධියක් ලබා ගැනීම නිසා ඔහුට ජනාධිපති සමාව දුන් බවයි මෛත්‍රිපාල සිරිසේන පවසා සිටියේ.

අත යට ගනුදෙනුව

මෙම කටයුත්තට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මැදිහත් වූ අතර මෙහිදී කටයුතු මුදල් ගනුදෙනුවක් සිදු වූ බව වාර්තා වුවත් ඒ සම්බන්ධයෙන් ආරම්භ කළ පොලිස් පරීක්ෂණ අතරමැද ඇන හිට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා සමාව ලබාදීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිවැරදි නොවන බව හෙළිදරව් වීමත් සමඟම එම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමේදී ජනාධිපති ම හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන හෝ වෙනත් අයෙක් අනීතික ලෙස කටයුතු කළේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම වැදගත් විය හැකිය.

Related Articles