ජාතික මන්ත්‍රී අද නෙවේ හෙට

ජාතික මන්ත්‍රී අද නෙවේ හෙට

හරින් ප්‍රනාන්දු ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්න්ධයෙන් තීරණයක් ගැනීම දුෂ්කර වී ඇති හෙයින් ජනධිපතිවරණය හමාර වනතුරු එය කල් දැමීමට සජිත් ප්‍රේමදාස තීරණය කොට ඇත .

අජිත් පෙරේරා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහ යන තිදෙනාම මෙම අසුන පිළිබඳව බලාපොරොත්ත්ප්රො ත්තු පල ල කොට ඇත

සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.නමුත් එය තමන් වෙත ලබා දෙන්නැයි කිසිදු ඉල්ලීමක් පක්‍ෂයෙන් තමන් මේ වන තෙක් සිදු කර නැති බවද ඇය කියා සිටියාය. මෙම ආරංචිය පැතිර යාමත් සමඟම සිර දඬුවම් නිම වී ඇප පිට සිටින අයෙක් පාර්ලිමේන්තුවට යැවීමට ගන්නා උත්සාහය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පළ විය

තමන් මේ වන තෙක් පක්ෂයෙන් ඉල්ලා ඇති එකම දේ නම් කඩුවෙල ආසන සංවිධායක ධුරය පමණක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි

තමන්ට එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදෙන ලෙස හිරු මාධ්‍ය නාලිකාව බලපෑම් කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස කිසිවිටෙක මාධ්‍ය ආයතනයකට අවශ්‍ය විදිහට නැටවිය හැකි යැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවය.

Related Articles