ජනාධිපතිවරණ -එදා  මෙදා තුර

ජනාධිපතිවරණ -එදා මෙදා තුර

Youth in Sri Lanka need a chance – Groundviews

ලංකාවේ නවවෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 සැප්තැම්බර් 21 දිනයි.මෙය දෙස් විදෙස් කොයි කවුරුත් උනන්දුවක් දක්වන මැතිවරණයක් වනවාට කිසිදු සැකයක් නැහැ.මෙම ජනාධිපතිවරණයට අලුත් තරුණ චන්ද 1071247 ක් අලුතින් එක්වනවා.මේ චන්ද කිසියම් තීරණාත්මක බලපෑමක් සිදුකරන බව බොහෝ දෙනාගේ මතයයි .මේ චන්ද කුමන ආකාරයට දෝලනය උනත් එය පත්වන ජනාධිපති තේරීමේ ප්‍රධාන සාධකයක් වනු ඇත .මෙම මැතිවරණය සදහා සුදුසුකම් ලබා තිබෙන චන්ද සංඛ්‍යාව ද විශාලයි.එම චන්ද සංඛ්‍යාව 17063343කි. මින් චන්දය ප්‍රකාශ කරන ප්‍රමාණයෙන් 50% කට වඩා ජයග්‍රහණය කිරීම සදහා ගතයුතු වනවා.එනම් 50% චන්ද ප්‍රමාණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයා ලබාගත යුතු වනවා.80%ක් ක් චන්ද භාවිතා වනවා යැයි උප කල්පනය කළහොත් එම ප්‍රමාණය 13650674 ක්.මින් 50% ක් යනු ලක්ෂ 70 කට ආසන්න ප්‍රමාණයක් .එය මෙවර ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ට සරල සමීකරණයක් නොවේ.බැරෑරුම් ඉලක්කයකි.

දැනට ප්‍රධාන අපේක්ෂකයන් රැසක් කරලියේ සිටී.ගියවර මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් දිනාගත නොහැකි වූ වර්තමාන ජනපතිතුමා පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 90 කට වඩා සහයෝගය ලබමින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තවත් යම් කණ්ඩායම් වල සහයෝගය ලබමින් ඉදිරිපත් වේ.

Ranil says UNP will never join a National Government | EconomyNext

එසේම වර්තමාන විපක්ෂ නායක සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ප්‍රධාන සුළු ජන කොටස්වල දේශපාලන පක්ෂ හා තවත් පක්ෂ කණ්ඩායම් වල සහයෝගය ලබමින්‍ ය.එසේම ඔහු ගියවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ලක්ෂ 55 ක චන්ද ලබාගත් අපේක්ෂකයෙකි.ඔහු අලුත්ම පක්ෂයක් පිහිටුවාගෙන ගියවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී විපක්ෂ නායක ධුරයට පත්විය.

එසේම පොදුජන එක්සත් පෙරමුනේ අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂය.එම පක්ෂය ගියවර සිය ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඝෝටාභය රාජපක්ෂ චන්ද 6924255ක් ලබා ගත්තේය .එහෙත් ඔහුට එරෙහිව ආ ජන උද්ඝෝෂණය හේතුවෙන් තනතුර හැර ගියේය.අද පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීන් සියල්ලම පාහේ රනිල් ජනපති වටා සිටින නිසා ඉතිරි වී තිබෙන පොදුජන එක්සත් පෙරමුණේ චන්ද ප්‍රමාණයෙන් බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා ට ලැබේ යැයි සිතීම සාධාරණ වේ.එමෙන්ම ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාය.ඔහු ගියවර ජනපතිවරණයට තරග කොට ලැබුවේ චන්ද 4 18 553 ක්.එහෙත් ඔහු මෙවර සැලකිය යුතු චන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි විශ්වාස කෙරේ.මෙම ජනාධිපතිවරණයට දැනටමත් අපේක්ෂක යන් 27ක් ඇප තැන්පත් කර තිබේ.ඇත්තටම මේ බහුතරයකගේ ඇපද අවලංගුවනු ඇත.තවත් කරුණක් නම් ද්‍රවිඩ අපේක්ෂකයකුද ඉදිරිපත් වන බව ප්‍රකාශ වී ඇත.කෙසේ වෙතත් මෙම ජනපතිවරණයේ ඉතා තියුණු සටනක් බොහෝවිට අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු වටා කේන්ද්‍රගත වනු ඇතැයි විශ්වාස කළ හැකියි .

Image result for namal rajapaksa

 

අප මදක් ආපසු හැරී බැලුවහොත් ලංකාවේ 2024 ට ප්‍රථම ජනාධිපතිවරණ 8 ක් පවත්වා තිබේ.2024 පැවැත්වෙන්නේ 9 වෙනි ජනපතිවරන චන්දයයි.මෙම මැතිවරණ දෙස බලනවිට වැඩිම චන්ද ප්‍රතිශතයක් භාවිතා වූ ජනාධිපතිවරණය වන්නේ ගියවර එනම් 2019 දී පැවැත්වූ ජනපති මැතිවරණ යයි.මෙහිදී 83.72% ක ජනතාවක් චන්දය ප්‍රකාශ කර තිබුණි.

 

අඩුම ප්‍රමාණයක් ජනාධිපතිවරණය කදී පාවිච්චි වූයේ 1988 දෙසැම්බර් 19 පැවැත්වූ ජනපති චන්දයටය.එම ප්‍රතිශතය වූයේ 55.32%කි.එකල පැවති භීෂණකාරී තත්වය ඊට හේතු විය.

Let's celebrate JR tomorrow! - Sri Lanka News Update

අපේ රටට විධායක ජනපති ක්‍රමය හදුන්වා දුන්නේ 1978 ව්‍යවස්ථාව තුළින්.එය මෙරට තුළ සංකීර්ණ ප්‍රශ්න ජාලාවක් මතු කළ බව බොහෝ දෙනා පවසති.කෙසේ වෙතත් ලංකාවේ පළමු විධායක ජනපති වන්නේ ජූනියස් රිචර්ඩ් ජයවර්ධන මහතා.

 

ඔහු 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ.එය ලංකාවේ පළමු ජනාධිපතිවරණය යි.එය 1982 ඔක්තෝබර් 20 පැවැත්වීය.81%ක චන්ද ප්‍රතිශතයක් මෙම ජනාධිපතිවරණයේ දී පාවිච්චි විය.ලියාපදිංචි චන්ද ප්‍රමාණය 8145015 ක් විය.ඉන් 6602617ක් භාවිතා විය.ජනපති අපේක්ෂක ජේ ආර් ජයවර්ධන මහතා චන්ද 3450871ක් ලබා ගත්තේය.

Sirimavo Bandaranaike, la vedova piangente prima donna premier ...

ලංකාවේ දෙවන ජනාධිපතිවරණ ය පැවැත්වූයේ 1988 දෙසැම්බර් 19.මෙය ඉතා බිහිසුණු වාතාවරණයක් තුළ පැවැති මැතිවරණයක් විය.රටම භීෂණකාරී තත්වයකින් ඇලලී ගිය පසුබිමක් එදා තිබුණි .එම මැතිවරණයට චන්දදායකයන් 9375742 ලියාපදිංචි වී සිටියේය .එහෙත් චන්ද ප්‍රකාශ කළේ 5186223කි.මින් ආර් ප්‍රේමදාස මහතා චන්ද 25 69 199 ක් ගත්තේය .ප්‍රතිශතයක් ලෙස එය වලංගු චන්ද වලින් 50.43% ක් විය.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක ලෙස 22 89 860 ක් ලබා ගත්තාය .එය 44.95% ක ප්‍රතිශතයක් විය.

 

බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ මැතිනිය ජය ගනීවි කියාය.එතුමියට බොහෝ ප්‍රසාදයක් ජනතාව තුළ ඉහළින්ම තිබුණි.බිහිසුණු වාතාවරණයක් නොතිබූයේ නම් එතුමිය ජය ගැනීමේ ඉඩකඩ බොහෝ වැඩි බව විචාරක මතය විය. ඉන් පසුව තුන්වන ජනාධිපතිවරණය 1994 නොවැම්බර් 9 පැවැත්වීය.එම මැතිවරණයට ලියාපදිංචි මුළු චන්දදායක සංඛ්‍යාව වූයේ 1 09 45 065 කි.චන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව 77 13 232 ක් විය. ප්‍රතිපත්තියක් ලෙස ගතහොත් එය 70.47%කි.මෙහිදී අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රධාන ආකර්ශනීය අපේක්ෂිකාව ලෙස චන්ද 47 09 205 ක් ලැබීය .ප්‍රතිශතයක් ලෙස එය 62.28 ක් වූවා.ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතාගේ ඝාතනයෙන් එතුමා වෙනුවට ඉදිරිපත් වූ එතුමාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මැතිනිය ලබා ගනු ලැබුවේ චන්ද 27 15 283කි.

BBC News | SOUTH ASIA | Sri Lankan president escapes surgery

එම ප්‍රතිශතය 35.91%කි.ඒනිසා ඉහළ චන්ද ප්‍රතිශතයක් ලැබූ චන්ද්‍රිකා මහත්මිය බණ්ඩාරනායක ජනපති වූවාය.1999 දෙසැම්බර් 21 පැවැත්වෙන්නේ ජනපති තෝරන 4 වෙනි ජනපතිවරණයයි.මෙම මැතිවරණයේදී චන්දදායන් 86 35 290 චන්ද භාවිතා කර තිබුණි .එය 73.31%ක ප්‍රතිශතයක් විය.මෙහිදී චන්ද්‍රිකා මැතිනිය චන්ද 4312157ක් ලබා ගත්තාය.ඒ අනුව 51.12% ප්‍රතිශතයක් ලැබූ ඇය ජනපති විය.ඒ ඇය ධුරයට පත්වූ දෙවන වතාවය.මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත්තේ චන්ද 36 02 748කි.ජවිපෙ අපේක්ෂකයා වූ නන්දන ගුණතිලක චන්ද 3 44 173 ක් එනම් 4.08 %ප්‍රතිශතයක් ලැබීය.ඉන් අනතුරුව පැවැත්වූයේ පස්වන ජනාධ්පතිවරණයයි.ඒ 2005 නොවැම්බර් 17 දිනය.

 

මෙම ජනාධිපතිවරණයට චන්දදායකයන් 13327160 ක් ලියා පදිංචි වී තිබුණි.එහෙත් මැතිවරණයේදී ප්‍රකාශිත චන්ද ගණන වූයේ 97 17039 කි.එය ප්‍රතිශතයක් ලෙස 73.73% ක් වුණි.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා චන්ද 48 87 152 ක් ලබා ජය ගත්තේය .ඔහුගේ චන්ද ප්‍රතිශතය 50.29%ක් විය.රනිල් වික්‍රමසිංහ මහතා චන්ද47 06 366 ක් ලබා ගත්තේය.එය 48.43%ක ප්‍රතිශතයක් වූයේය.මෙම මැතිවරණයේදී ජවිපෙ උදව් කරන්නේ රාජපක්ෂ මහතාටය.2010 ජනවාරි 26 පැවැත්වූ ජනපතිවරණයට 14088500ක් චන්ද ලියාපදිංචි වී සිටියේය.මින් පාවිච්චි වූ චන්ද සඛ්‍යාව වූයේ 103 93613කි.මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ 60 15 938ක් ලබා සරත් ෆොන්සේකා මහතා පරාජය කොට ජනපති සටන ජය ගත්තේය.ෆොන්සේකා මහතා චන්ද 41 73 185ක් ලැබීය.මෙම මැතිවරණයෙන් පසු යුද ජය මෙහෙය වූ ෆොන්සේකා මහතාව සිරගෙට යැවීමට රාජපක්ෂවරු ක්‍රියා කළහ.

Sri Lanka's former leader Mahinda Rajapaksa is no longer 'untouchable ...

මෙම මැතිවරණයේදී ජවිපෙ සහයෝගය දැක්වූයේ ෆොන්සේකා මහතාටය.ඉන් අනතුරුව 2015 ජනවාරි 8 ලංකාවේ හත්වන ජනාධිපතිවරණය පැවැත්වීය.

 

 

 

මෙම ජනාධිපතිවරණයේදී චන්දදායකයෝ 81.52%ක් චන්දය භාවිතා කළහ.ඒ අනුව චන්දදායකයන් 12264377 ස්වකීය චන්දය භාවිතා කර තිබුණි .ඉන් මෛත්‍රීපාල සිරිසේන  චන්ද 62 17 162 ක් ලබා මහින්ද රාජපක්ෂ මහතා පරදා ජය ලැබීය .ඔහු ලැබූ චන්ද ප්‍රතිශතය 51.28%ක් විය.මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ 47.58%ප්‍රතිශතයකි.ජවිපෙ සහයෝගය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙනි.

14 Enigmatic Facts About Maithripala Sirisena - Facts.net

මීළගට ජනාධිපතිවරණය පැවැත්වූයේ 2019 නොවැම්බර් 16 .මෙම මැතිවරණය සදහා 15992096 චන්ද ලියාපදිංචි වී සිටියහ.ඉන් ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව 13387951ක් විය.මින් ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 69 24 255 ක් ලබා ජය ගත්තේය .එය 52.25% ප්‍රතිශතයක් විය.ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා චන්ද 55 64 239 ක් ලබා ගත්තේය.එය 41.99% ක් ප්‍රතිශතයක් විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ලබා ගත්තේ 3.16% ක ප්‍රතිශතයක්ය.

Despite the strong opposition of Sajith Anura, the party leaders decide ...

 

මෙවර සජිත් හා අනුර යන දෙදෙනාම චන්ද සටනේ කැපී පෙනේ.සජිත්ට ජය ගැනීමට නම් ගියවර ඔහු ලැබූ චන්ද ප්‍රතිශතයට තවත් 8% කට වඩා වැඩිකර ගත යුතුයි .අනුරට ජය ගැනීමට නම් ඔහු තවත් 47% ක් පමණ චන්ද ප්‍රමාණයක් ගතයුතුය.

 

බොහෝ විට මේවන විටත් ජනපති කවුරුන්දැයි ජනතාව තීන්දුකර ඇතිවාද විය හැකියි.මේ අතරවාරේ රනිල් වික්‍රමසිංහ ද ඉදිරියට එමින් සිටී . පාවෙන ඡන්ද ප්‍රතිශතයද ඉහළය.

 

 

ගාමිණී ගුණසේකර 

දේශපාලන විත්ති විශ්ලේෂක

 

Related Articles