ජනපති අපේක්ෂක ජීවිත ආරක්ෂාව

ජනපති අපේක්ෂක ජීවිත ආරක්ෂාව

 

ජනාධිපති අපේක්ෂකයින්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සැක සංකා මතුවෙමින් පවතී.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවිය හැකි බව ඔහුගේ පාක්ෂිකයෝ කියා සිටින අතරවාරයේ සමගි ජන බලවේගය නායක ප්‍රේමදාසගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බව එම පක්ෂය පෙන්වා දෙයි.

 

තොටළඟ දී ගාමිණී දිසානායක ජනාධිපතිවරණ රැළියට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පනහකට අධික පිරිසක් මිය ගියහ

 

ජාතික ජාතික ජන බලවේගයේ රැස්වීම්වලදී ඔවුන්ගේ පක්ෂ සමාජිකයින් ඉතා තීක්ෂණ ලෙසින් නිරීක්ෂණය කරන ආකාරයක් දැකිය හැකිය.

බෝම්බ ප්‍රහාරයට මොහොතකට පෙර

මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී ජනාධිපති අපේක්ෂකයෙකු ගාමිණී දිසානායක ජීවිතක්ෂයට පත්වූ අතර චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ගිය රැස්වීමට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර හිටපු ජනාධිපතිනියගේ ඇසක් අහිමි විය.

 

ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැස්වීමට එලවූ වෙඩි ප්‍රහාරය ද ආරක්ෂාව පිළිබඳ අභියෝගයක් මතු කරයි

 

ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ආරක්ෂාව සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කොට ඇත.


ප්‍රහාරයට ලක්ව

මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ මේ වෙනුවෙන්ම පත්කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මෙහි සෙසු සමාජිකයින් වේ.

Related Articles