ජනතා අපේක්ෂා සහ හෙට

ජනතා අපේක්ෂා සහ හෙට

 

ජනතා අපේක්ෂා බොඳ වු පාලනයක හෙට දවස…..

ශ්‍රී ලංකාවේ දේශපාලනය මුහුණ දි ඇති ගැඹුරු අර්බුදය දශක තුනක පමණ කා‌ලය තුල රටේ පාලනය ගමන් ගත් ආකාරය මගින් මනාව චිත්‍රණය කරයි. සුලභ නොවු ජාතික ධනයක් සහිත රටක් ලෙස වාර්ෂික දළ ජාතික නිශ්පාදනය ඩොලර් බිලියන 100 අඩු ආර්ථිකයක් ඇති රටකි.සදා කාලිකව තුන්වන ලෝකයේ ලේබලය ඇලවුන රටකි.තෙරක් නොපෙනෙන සමාජ ආර්ථික දේශපාලනික අගාධයක ගැඹුරු පතුලේ හිරවී සිටින රටකි .

දැන්  IMF මුල්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියේහි අපේක්ෂා දල්වා සිටී.

 

World Bank report shows drastic increases in Sri Lanka's poverty and inequality - World Socialist Web Site

ගැඹුරු ආර්ථික ප්‍රපාතයක්

පසුගිය දශක තුන පුරාවට ජාතික ආදායමට වඩා පාලනය කල නොහැකි මට්ටමකින් පුනරාවර්තන වියදම් හා ප්‍රග්ධන ප්‍රතිපාදන වර්ධනය වේ ඇත .

නිශ්පාදනය ආර්ථිකයක් වර්ධනයය කර ගැනීමට නොහැකිවී අත .

අපනයන ආදායම ප්‍රමාණවත් වර්ධනය කර නොගැනීමේ ගැනිමේ හේතුවෙන් ගැඹුරු ආර්ථික ප්‍රපාතයක් කරා රට වේගයෙන් ගමන් කරමින් සිටී.මේ තත්වය දිගින් දිගටම වර්ධනය වේ ඇති අතර වසරින් වසර රාජ්‍ය වියදම මත දරන ක්‍රියා පාදක වුයේ පලදායි නොවන ව්‍යපෘති, ආදායම් අහිමි වැඩසටහන්, රාජ්‍ය වැටුප් ලේඛනය මත වු තෙරපුම (බදවා ගැනිම්) වලින් සමන්විත ක්‍රියාදාමයකටය.

පලදායි නිමැවුමක් අහිමි ම, අකාර්යක්ෂම දුර්වල මුල්‍ය කළමනාකරණය හා නාස්තියෙන් ගහණ , දේශපාලන ප්‍රතිරුප වර්ධනය සදහා ඇත දිග හැර වියදම් රටකට පහසුවෙන් මේ ගැඹුරු අගාධයෙන් එගොඩ විය නොහැක .

පසුගිය දශක කිහිපය තිස්සේම ලාංකිය දේශපාලන අධිකාරිය සමාජ ආර්ථික ගමන් පථය එම අධිකාරි බලයෙන් යටපත් කොට ඇත .

පිරිවැය සමාජය විසින් දැරිය යුතු විම

මේ මගින් ජනතාවගේ ධනය උදුරා ගැනින . ජනතාව සහභාගිත්වය ඌන යෝධ සංවිධානය ව්‍යපෘති සහ ජනතා අපේක්ෂාවන් ඉටු නොවන සංවර්ධනය උපාය මාර්ග ‌පසු ගිය දශක තුන පූරා සිදුවිය .

දේශපාලන ප්‍රතිරුප ජාතික ධනය අවභාවිතා කළහ .මේ විෂම චක්‍රයකට හසුවිම තුල රටක් ක්‍රමයක් ලෙසත් ප්‍රවහයක් ලෙසත් අගතියට පත් වේ. මෙහි ඇති යථාර්ථය වන්නේ එහි පිරිවැය සමාජය විසින් දැරිය යුතු විමයී.

රාජ්‍ය ජනතාවගේ ධනය උදුරා ගනිමින් සිටී .මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග උපයෝගී කර ගැනේ .

ආහාර සදහා වු අධික බදූ පැනවිම,අඩු වැටුප් හා අවම පහසුකම්, ප්‍රමානවත් නොවු පොදු පහසුකම් හා නඩත්තුව, ප්‍රමාණවත් නොවු සෞඛ්‍යය හා අධ්‍යපනික පහසුකම් මේ උපාය මාර්ග අතර කැපි පෙනේ.

අධිපති දේශපාලන උපාය මාර්ග

sri lankan political cartoons

 

මේ ලෙස ජනතාවගේන් උදුරා ගන්නා ධනය අධිපති දේශපාලන උපාය මාර්ග තුල ප්‍රතිරුප වර්ධනය සදහා යොදා ගැනෙන අතර එමගින් ජාතික ආර්ථිකයට එලදායි දායකත්වයක් නොලැබේ . විශේෂයේන් ආදායම් උත්පාදනය සඳහා ඒ ධනය යොදා ගැනෙන්නේ නැත.

මේ ලෙස හැසිරෙන දේශපාලන අධිකාරී බලය හැසිරෙන්නේ බලය තම උරුමයක් ලෙස සිතාය. මෙම බල දේශපාලනයේ අනිසි පිඩනය සමාජය කරා යටිකුරුව එල්ල කරන පිඩනයේන් මුලු සමාජයම තෙරපමින් සිටි.  අතර තොරාගත් විශේෂ ලැදියාවන් සහිත ධනවතුන් සිය ධනෝපායන මාර්ග රීසි ලෙස නිදහසේ මෙහෙයවමින් සිටී . අවරණය සපයන්නේ දේශපාලන අධිකාරි යයි .

කාලය එළඹ ඇත

මේ අධිකාරි දේශපාලන බල ව්‍යුහය වෙනුවට ජනතාව මැදිහත් වන ජනතාවට වගකියන සහභාගිත්ව සංවර්ධනය ක්‍රියාමාර්ග සහිත මැදිහත් විමක් සහිත දේශපාලන ප්‍රවේශයක් වෙත ගමන් කල යුතු කාලය එළඹ ඇත .

මේ තුලින් තුලින් රටේත් ජනතාවගේත් අපේක්ෂාවන් මුදූන් පත්කරගත හැකි ක්‍රියාමාර්ගයකට ගමන් කල හැකිය. මේ මොහොතේ ශ්‍රි ලාංකීය අර්බුදය මැනවින් වටහා ගනිමින් එය ජනයාගේ හිත සුව පිණිස වූ වෙනස් කිරිමේ දිශානතියක් කරා යොමු කිරීම සඳහා සාධනීය මැදිහත්වීමක් අවශ්‍ය වේ

රට මුහුණපා ඇති අර්බුදයෙන් හා ආර්බුදයේ නාමයෙන් බිහිවි ඇති අධිකාරිවාදි දේශපාලන භාවිතය වෙනස්කිරීම තුළින් පමණි හෙට දවස පිලිබද යහපත් අපේක්ෂා තැබිය හැක්කේ .

 

අනාගතයක් මතු පරපුරේ යහපත් හෙට දවස උදෙසාත්

Sri Lanka Language | What Language is Spoken in Sri Lanka?

 

ශ්‍රි ලංකාවේ වර්තමාන දේශපාලනය බල ව්‍යපෘතිය යට ලැජ්ජාවක් නැත . සැබවින්ම එය කොල්ලකාරී ව්‍යපෘතියකි . ජනතාව මත දැඩි පීඩනයක් යොදා , ආර්ථික ක්‍රියාවලිය හකුලා ස්වයංරැකියාහිමියන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය කරුවන්ගේ ධනය වීශාල වශයෙන් උදුරා ගනිමින් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ එක් රුස් කරගන්නා ධනය ඉතා හොඳින් අවභාවිතාවේ .සිය බල ව්‍යපෘතිය තර කර ගැනීම මුලික අභිප්‍රායයි . මේ මංකොල්ලකාරි බල ව්‍යපෘතිය ක්‍රියාත්මක වනතාක් රටට ගොඩ යා නොහැක .

රටක් ලෙස මෙම තත්වයන් යථාවාදිව හදුනා ගෙන එම තත්වයන් නිවැරදි කිරීමේ නිසි ක්‍රියාමාර්ග කරා එළඹීමේ තීරණාත්මක මොහොත එළඹ තිබේ .
සිහි නුවණින් යුතූව ක්‍රියා කොට සිය අනාගතයක් මතු පරපුරේ යහපත් හෙට දවස උදෙසාත් තින්දුවක් ගතහැකි දොරටුවක් අභියස ලාංකීය සමාජය ස්ථානගත වී සිටී . ජනයාගේ සහභාගිත්ව මුල්කර ගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් විමකට දායකවිමට අවස්ථාවක් උදා වි ඇත.

කමල් බණ්ඩාරනායක

 

Related Articles