ගෑස් මිල අඩුවෙයිද ?

ගෑස් මිල අඩුවෙයිද ?

මිලියන දාහතක මනාපය ඉල්ලන අපේක්ෂකයින් 39 දෙනෙක් ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටිති. ජනක රත්නායක සහ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එරෙහිව විරෝධතා ඉදිරිපත් වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප විය . ඇප තැන්පත් කළ හිටපු මන්ත්‍රී සරත් ගුණරත්න නාම යෝජනා භාර දුන්නේ නැත .
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඡන්ද සලකුණ වන්නේ ගෑස් සිලින්ඩරයයි.ඉදිරි දින කීපය තුළ ගෑස් මිළ පහළ යාහැකි බව කට කථා පැතිර යමින් පවතී

මිලියන දාහතක මනාපය ඉල්ලන අපේක්ෂකයින් 39 දෙනෙක් ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටිති. ජනක රත්නායක සහ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එරෙහිව විරෝධතා ඉදිරිපත් වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප විය . ඇප තැන්පත් කළ හිටපු මන්ත්‍රී සරත් ගුණරත්න නාම යෝජනා භාර දුන්නේ නැත .
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඡන්ද සලකුණ වන්නේ ගෑස් සිලින්ඩරයයි.ඉදිරි දින කීපය තුළ ගෑස් මිළ පහළ යාහැකි බව කට කථා පැතිර යමින් පවතී.

සජිත් ගෙන් ඉවත්වෙති
පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු තිදෙනෙකු මෙයට සුළු මොහොතකට එමපක්ෂ නායක සජිත් ප්‍රෙමාදසගෙන් ඉවත්ව ගොස් ඇත .

මෙම තිදෙනා අනුරාධපුර, දිගාමඩුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික් තුන නියෝජනය කරමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වූවන්ය.

ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පිල සමග එක් වී කටයුතු කරන බවයි. නීතිඥ එස්.එම්.එම් මුෂාර්ෆ්, අලි සබ්‍රි රහීම් සහ ඉශාක් රහුමාන් මෙලෙස ඉවත්ව ගොස් ඇත. මෙම තිදෙනා අතරින් අලි සබ්‍රි රහීම් නීතීවිරෝධී ලෙස මෙරටට රත්‍රන් ගෙනඑමින් සිටියදී රේගුවැටලීම් අංශයේ ග්‍රහණයට හසුවිය.

එම්. වේලු කුමාර් මන්ත්‍රීවරයාද සජිත් ප්‍රෙමදාසගෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහට එක් වී ඇත .

හබලක් නැති ඔරුවක්

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ කීවාය.

පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවනට නිසි තැන, සම තැන දිය යුතු යැයි කතා කළ ද පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය.

රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව සියලු පක්ෂ නායකයින් මීට වඩා උනන්දු විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරිය, මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයිද කීවාය

 

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය 

01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස
32. රනිල් වික්‍රමසිංහ
33. මරක්කලමානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

 

 

Related Articles