ගැඹුරු  ආර්ථික ප්‍රපාතයකට  ඇද  වැටිය හැකි ශ්‍රී ලංකාව මෙන් තවත් රටවල් ඇත….

ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට ඇද වැටිය හැකි ශ්‍රී ලංකාව මෙන් තවත් රටවල් ඇත….

ශ්‍රී ලංකාව මෙන් ගැඹුරු ආර්ථික අර්බුදයකට පත්විය හැකි රටවල් රැසක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානියා පවසයි. IMF කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva පැවසුවේ ලාඕසය, පකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින ශ්‍රී ලංකාව මෙන් අර්බුදයට පත් විය හැකි රටවල් වන බවයි.

ඉහළ ණය මට්ටම් ඇති රටවල් අනතුරට පත් විය හැකි බවයි ඇය (IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය)පවසන්නේ.

වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාව විශාල ණය ප්‍රමාණයක් ගොඩනඟා ගෙන තිබුණි – පසුගිය මාසයේදී එය ආසියා පැසිෆික් කලාපයේ වසර 20 කට පසු විදේශ ණය පැහැර හරින ලද පළමු රට බවටද පත්විය.

ඩොලර් බිලියන 3 (පවුම් බිලියන 2.5) ක ඇපදීමක් ගැන සාකච්ඡාවක් ශ්‍රීලංකාව සහ IMF අතර අත්වී තිබුනත් දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ එම සාකච්ඡා දැනට ඇනහිට ඇත.

උද්ධමනය සහ පොලී අනුපාත ඉහල යාම, අවප්‍රමාණය වන මුදල්, ඉහළ ණය මට්ටම් සහ විදේශ මුදල් සංචිත අඩුවීම යනාදී ගැටළු මෙන්ම චීනයෙන් අධිකව ණය ගැනීම මෙම කලාපයේ අනෙකුත් ආර්ථිකයන්ට ද බලපාන අන්දම පිළිබඳව නව කතිකාවක් ශ්‍රි ලංකාවේ සිදුවීම් බලපෑමක් ඇතිකොට තිබේ.

ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ ලබා නොදෙන මිල අධික යටිතල පහසුකම් ව්‍යාපෘති දිරිමත් කිරීම සදහා සහාය දීමට චීනය කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාවට ණය උගුලක් නිර්මාණය වුවා සේම කලාපයේ සෙසු රටවල් වලටත් ණය උගුලක් නිර්මාණය විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති.

ලාඕසය මාස කිහිපයක සිට විදේශ ණය පැහැර හැරීමේ අවදානමකට මුහුණ දී සිටීන අතර ජනතාවගෙන් තුනෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙලෙමින් සිටිති. ලාඕසයේ මුදල් ඒකකය වන කිප් පහත වැටී ඇති අතර මේ වසරේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුනෙන් එකකට වඩා පහත වැටී ඇත.

ලෝක බැංකුවට අනුව, 2021 දී ලාඕසයේ රාජ්‍ය ණය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 88% ක් වනු ඇත, එම සංඛ්‍යාවෙන් අඩක් පමණ චීනයට ගෙවිය යුතුය.

1975 සිට බලය හොබවා ඇති ලාඕ මහජන විප්ලවවාදී පක්ෂයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා මේ තත්වයට පත්වුන බව විශේෂඥයින් පෙන්වා දෙයි.

පකිස්ථානය

රජය ඉන්ධන සහනාධාරය අවසන් කිරීමෙන් පසු මැයි මස අග සිට පකිස්ථානයේ ඉන්ධන මිල 90% කින් පමණ ඉහළ ගොස් ඇත. IMF සහන පැකේජයකින් කටයුතු කළමනාකරණය කිරීමේ උත්සහයක් ඇත. ඉහළ යන භාණ්ඩ මිලත් සමඟ ආර්ථිකය පොරබදමින් සිටී. ජූනි මාසයේදී වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 21.3ක් වූ අතර එය වසර 13කට පසු වාර්තා වූ ඉහළම අගයයි.

මාලදිවයින
මේ වන විට රාජ්‍ය නය අනුපාතය 100% ඉක්මවා ඇති අතර සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇත.

බංග්ලාදේශය

මේ වන විට බංග්ලාදේශ උද්ධමනය 7.42% වන අතර එය වසර අටකට පසුව වූ වැඩිම උද්ධමන අගයයි. බංග්ලාදේශය රජයේ වියදම් සහ පාරිභෝගික ක්‍රියාකාරකම් සඳහා සීමා පනවමින් සිටී.

Related Articles