කෙහෙලිය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ඉල්ලීම්

කෙහෙලිය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ඉල්ලීම්

රජයේ මුදල් අපහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉල්ලා සිටී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම ඉල්ලීම සිදු කොට ඇත.

මේ අතර වාරයේ ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ නීතිවේදීන් පවසා ඇත්තේ ඔහුගේ රෝගී තත්වය සලකා බලා අප ලබා දිය යුතු බවයි. කෙහෙළිය රඹුක්වැල්ල තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගතහොත් ඉදිරි විමර්ශනවලට බාධා එල්විය හැකි නිසා ඔහු ඉවත් කිරීමේ තීරණය කඩිනමින් ගතයුතුව ඇතැයිද වෛද්‍ය චමල් සංජීව පැවසීය.

රාජ්‍ය නිලධාරියකු නම් මූල්‍ය අපරාධයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ සාහසික ක්‍රියාවකට අත්අඩංගුවට ගතහොත් ඔහුගේ සේවය අත්හිටුවීමක් සිදුවන බවත්, රඹුක්වැල්ල මහතාට එල්ලවී ඇත්තේද රජයේ මුදල් අපහරණය, කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම, අසත්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ විශ්වාසය කඩ කිරීම වැනි බරපතළ චෝදනා බවත් ඒ මහතා කියා සිටියේය. මෙය තමා විසින් නොව නීතිපතිවරයා විසින් එල්ලකර තිබෙන චෝදනා බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

Related Articles