කෙටිම කෙටි කතා

කෙටිම කෙටි කතා

කතාවක් කෙටි වූ පමණින් එය කෙටි කතාවක් වන්නේ නැත. කෙටි කතාවකින් ජීවිතය හෝ අප වෙසෙන සමාජ පරිසරය පිළිබඳව අපූර්ව වූ යමක් හෙළිදරව් විය යුතුය.

ඇතැම් ශූර කෙටිකතාකරුවන් ඉතා අඩු වචන ප්‍රමාණයකින් මේ කටයුත්ත ඉටු කරති.

අර්නස්ට් හෙමින්ග්වේ ලියු “For sale: baby shoes, never worn.”- විකිණීමට: බිලිඳේකුගේ සපත්තු , කිසි දවසක පාවිච්චි කොට නැත යන්නද කෙටිම කෙටි කතාවක් සේ සැලකේ. කිසිම කෙටි කතා ලිවීමේ ශූරයෙකි.

මේ පාවහන් බිලින්දෙකුගේය එහෙත් කවදාකවත් ඒ භාවිතා කොට නැත දැන් ඒ විකිණීමට තිබේ එනම් බිලිඳා මිය ගොසින් විය හැකිය. මේ අප හද සසල කරන ධාරණාවක් නොවේද?

කිසිම කෙටිකතා ලිවීමේ ශූරයකි ආර්ජන්ටිනියානු ජාතික හොර්සේ ලුවිස් බොර්ජේ (Jorge Luis Borge කෙටිකතාව කෙටිකතාව කෙටි කතාව කෙටිකතාව). ඔහු කොමියුනිස්ට්වාදයටත් පැසිස්ට්වාදයටත් ගෝත්‍රිකත්වයටත් එක සේ විරුද්ධ විය. ඔහු අගය කළේ පුද්ගලයාගේ මානුෂික නිදහසයි. ඔහුගේ චින්තනය තුළ සිතීමේ නිදහසට පුළුල් වපසරියක් හිමිවිය. මෙහෙයින් ඔහුට ඉතා සියුම් ලෙස කවි හා කෙටිකතා නිර්මාණශීලී ලෙස ගෙත්තම් කළ හැකි විය.

 

දැනුම භාවිතය පිළිබඳව ගැඹුරු ධාරණාවන් මතු කරන මේ කතාව කිසිම කෙටි කතාවකට හොඳ නිදසුනකි.

දැනුම වැදගත් වන්නේ භාවිතයට ගත හැකි විටක පමණක් යන ධාරනාව ඒත්තු ගන්වන මෙම කෙටි කථාව මේතාක් ලියැවී ඇති කෙටිම කෙටි අංග සම්පුර්ණ කෙටි කථාව ලෙස සැලකේ .

 

පරිපූර්ණ සිතියම්-කෙටිම කෙටි කථාවක්

අධිරාජ්‍ය තුළ සිතියම් කලාව බොහෝ සෙයින් දියුණු වී තිබින .
සිතියම් කලාව කොතෙක් පරිපූර්ණත්වයට ළංවී තිබුණි දැයි කිවහොත් එක් පළාතක් දැක්වීම සඳහා වූ සිතියමක් නගරයක් තරම් විය.
අධිරාජ්‍ය දැක්වීම සඳහා වූ සිතියම පළාතක් තරම් විශාල විය.
කාලයාගේ ඇවෑමෙන්. විස්තරාත්මක ලෙස තොරතුරු දැක්වූ මේ විසල් සිතියම් ද ප්‍රමාණවත් නොවීය.
සිතියම් නිර්මානය කරන්නන්ගේ සංසදය අධිරාජ්‍ය තරම්වූ සිතියමක් නිර්මාණය කළහ.
සෑම ස්ථානයක්ම ඉතා විස්තරාත්මක ලෙස එහි සටහන් විය.
කෙසේ වෙතත් ඊළඟ පරම්පරාවට සුවිසල් සහ විස්තරාත්මක සිතියම්. නිර්මාණය කිරීමට උනන්දුවක් නැතිවිය.
විශාල හා විස්තරාත්මක සිතියම්වලින් තමන්ට ප්‍රයෝජනයක් නොවන බව තේරුම්ගත් අලුත් පරම්පරාව අනුකම්පා විරහිතව විස්තරාත්මක හා සුවිසල් සිතියම් බැහැර කළහ .
දැන් පෙර පරම්පරාවේ විස්තරාත්මක සිතියම් දැඩි හිරු රැස් වලටත් හිම පතනය ටත් ගොදුරු.වී විනාශවෙමින් පවතී.
අදත් බටහිර දිග කාන්තාර වල. වන සතුන් ගහන වනාන්තරවල දුර්වර්ණව ඉරී ගිය සිතියම් කැබලි දැක ගත හැකිය.
ඒ හැරෙන්නට. පරිපූර්ණ වූ සිතියම් විද්‍යාවක නෂ්ටාවශේෂයක් හෝ අධිරාජ්‍ය තුළ දැක ගත නොහැකිය.
(Jorge Luis Borge-Translation MJR David)

Related Articles