කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. (60-65) දක්වා වර්ධනය විය හැකි අතර, මෙම ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. (50-55) දක්වා ඉහළ යා හැකි අතර, මෙම ප්‍රදේශ රළු විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ධීවර සහ නාවික ප්‍රජාවන්ට මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී

Related Articles