ක්ලබ් වසන්ත: හෙළිදරව් නොවූ තවත් අපරාධයක්?

ක්ලබ් වසන්ත: හෙළිදරව් නොවූ තවත් අපරාධයක්?

ඇමති ටිරාන් අලස් පවසන පරිදි මේ වනවිට ක්ලබ් වසන්ත ඇතුළු පිරිස ඝාතනයට සම්බන්ධ වැඩි දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට හත් දෙනෙක් අත්අඩංගුවේ සිටිති. එහෙත් ගැටළුව වන්නේ වෙඩික්කරුවන් දෙදෙන මේ හත් දෙනා අතර නොසිටීමයි.

පැහැදිලිව වීඩියෝවේ සටහන් වූ මේ වෙඩික්කරුවන් දෙදෙනා රටින් පිටවී ඇතිද යන්න සැකයකි .

සමස්තයක් ලෙස ගත් කළ මෙම ඝාතනය හෙළිදරව් නොවූ තවත් අපරාධයක් වීමට ඉඩ ඇත

සෙසු ඝාතනවලට වඩා ක්ලබ් වසන්ත ඝාතනය වැදගත් වන්නේ ඒ හා බැඳුණු දේශපාලන කරුණු කාරණා හේතුවෙනි.

ක්ලබ් වසන්ත දේශපාලනය හා සමීපව බැඳී සිටි චරිතයකි. මේ අපරාධ යටපත් වීමත් සමඟ තවත් බොහෝ දේ යට පත්වීමට ඉඩ ඇත.

මේ වන විට ක්ලබ් වසන්ත ඝාතනය අතට ගෙන ඇත්තේ යු -ටියුබ්කරුවන්ය.

ඔවුන් පළ කරන අදහස් වලින් කිහිපයකි මේ

ටැටූ සාප්පුවේ හිමිකරු දුලාන් අන්ජුල මාධ්‍ය හමුවේ පාපොච්චාරණයක් කිරීමට සලසා නියෝජ්‍ය පොලිස්පති මාරපන සිදුකළ රංගනය සම්බන්ධයෙන් පොලිසිය විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ එය පූර්ව සැලසුමක කොටසක් වන බැවිනි.

මෙම අපරාධය දැනට අධිකරණය මගහැර සිටින කාංජිපාණී ඉබ්‍රහම් ගේ මෙහෙයවීමෙන් සිදුකළ එකක් බවට ඒත්තු ගැන්වීමට දැඩි උත්සාහයක් තිබුණත් ඊට අවශ්‍ය සාක්ෂි දක්නට නොලැබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් රූපගත කිරීම් කොට ඒවා වහාම බෙදා හැරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න පිළිබඳව හොයා බැලීමට විමර්ශිකයන්ගෙ උනන්දුවක් නැත.

මෙම අපරාධය රූපගත කිරීම් අවශ්‍ය මනෝ චිත්‍ර මැවෙන ආකාරයට ඉතා කඩිනමින් සංස්කරණය කොට බෙදා හැරීමෙන් පෙනි යන්නේ එය ඉතා සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් බවයි

 

ඝාතනය කරන ලද මාකඳුරේ මධුෂ් හට ලැබිය යුතුව තිබුණු මුදල් එකතු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන දේශපාලන මෙහෙයුමක් තිබේ. පාතාලයේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක වෙන මෙම මෙහෙයුමේ අරමුණ ඉදිරියේ එන මැතිවරණයක් සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමයි.

අපරාධ ස්ථානය නිසි පරිදි ආරක්ෂා කිරීමට අතුරුගිරිය පොලිසිය කටයුතු කොට නැත . මේ හෙයින් සාක්ෂි වෙනස් කිරීමට විනාශ වීමට ඉඩ ඇත.

දේශපාලනඥයන් පිළිබඳව ක්ලබ් වසන්ත එක් රැස් කරගත් තොරතුරු ඉදිරියේදී තවදුරටත් හෙළිදරව් වීමට ඉඩ ඇත.

ක්ලබ් වසන්තගේ නිරුවත් සිරුරේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට ඉඩදීම සම්බන්ධයෙන් අධිකරණ
වයිධ්‍ය අංශ භාරගත යුතු අතර ඒ පිළිබඳව විමර්ශනයක් සිදුවී නැත.

Related Articles