කබ්රාල්ට එරෙහිව යළිත් නඩු?

කබ්රාල්ට එරෙහිව යළිත් නඩු?

ආර්ථික අර්බුදයක් තිබේදී ග්‍රීසියෙන් බැඳුම්කර මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් වුණත් යළිත් ඔහුට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම තීරණය කොට ඇත.

 

මෙම බැඳුම්කර ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට රුපියල් බිලියන 1.8 ක පාඩුවක් සිදුව ඇත.

මීට පෙර කොළඹ මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්වූයේ තාක්ෂණික හේතුවක් මතය. කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් පැන නැගුණු නීතිමය හේතුවක් මත නිවාඩ් කබ්රාල් හට නිදහස් වීමට හැකි විය.

කබ්රාල්ට එරෙහිව නඩු පවතින අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නීත්‍යානුකූල ලෙසින් පත්ව නොසිටි බවයි නිවාඩ් කබ්රාල්ගේ නීතියේදීන් තර්ක කළේ.

අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් තුනක් ගොනුවී පවතී.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට ඇද දැමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවී නඩුවකින්ද අජිත් නිවාඩ් කබ්රාල් වැරදිකරු වී සිටී.

Related Articles