කථානායක ඇත්තටම දිනුම්ද ?

කථානායක ඇත්තටම දිනුම්ද ?

නිල වාශයෙන් වැඩි ඡන්ද 42 කක් ලබාගනිමින් මහින්ද යාපා අබේවර්ධන හට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාශය ඇති බව සනාථ වී තිබේ.

එහෙත් මේ විවාදයේදී මතුවූ කරුණු මේ ජයග්‍රහණයෙන් යටපත්වේද යන ප්‍රශ්නය මතුවේ.

හුදෙක් ඔළු ගෙඩි ගණන වැඩිවූ පමනින් නැගු කරුණු වල වල වලංගු බවක් ඇත්නම් එම කරුණු  යටපත්වන්නේ නැත.

පොලිස්පතිවරයා පත් කිරීම

පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයා පක්ෂක්ග්‍රාහී අන්දමින් ලැබූ ඡන්ද අර්ථ නිරූපනය කල බවයි විපක්ෂය පවසන්නේ .එනම් ඡන්දය දීමෙන් වැලකී සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් ගේ ඡන්දය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට පක්ෂව දුන් ඡන්දයක් ලෙස ගනන් ගැනීම වැරදි බවයි විපක්ෂය පවසන්නේ .

බැලූ බැල්මට මෙය විවාදාත්මකය . විවාදාත්මක නොවන කරුන වන්නේ දරුණු ලෙස මානව හිමිකම් උල්ලංගණය කළ පුද්ගලයෙකු හට පොලීසිය භාරදීම බරපතල ලෙස යුක්තිය හෑල්ලු කිරීමක් වන අතර,ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස මානව හිමිකම් උල්ලංගණය කළ පුද්ගලයෙකු හට පොලීසිය භාරදීම පිළිබඳව කථානායක වරයාගේ ස්ථාවරය ඉදිරිපත් වී නැත. දැනට පෙනෙන අන්දමට මහින්ද යාපා අබේවර්ධන දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පත්වරය ලෙස පත් කිරීමට පක්ෂය .ඊට වෙනත් ස්ථාවරයක් ඔහු විසින් මේ තාක් ප්‍රකාශයට පත් කොට නැත.

ඇත්ත වශයෙන්ම ප්‍රයෝගික තලයේ මෙම ගැටළුව මතුවන්නේ සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයින් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසාය.රටේ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතයක් නැතිනම් ඔවුන් ව්‍යවස්ථාදායක සභාවේ අසුන් ගැනීම සුදුසු නැත . තවත් සිවිල් සංවිධාන නියෝජිතවරියක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීමට පක්ෂව ඡන්දය දුන් බව වාර්තාගතය . ඇයගේ අභිමතය පළකිරීමට ඇති අයිතියට ගරු කලයුතු නමුත් දරුණු ලෙස මානව හිමිකම් කඩකිරීමක් නොතකා හරින්නේ කෙලෙසද යන්න ඇයගෙන් ප්‍රශ්න කළහොත් එය අසාධාරණ ප්‍රශ්න කිරීමක් නොවනු ඇත .

ආණ්ඩුවේ පරපෝෂිතයෙක්

මහින්ද යාපා අබේවර්ධන තම පවුලේ කීපදෙනෙකුටම පාර්ලිමේන්තුවේ තනතුරු ලබාදෙමින් ආණ්ඩුවේ පරපෝෂිතයෙක් බවට පත්ව ඇති බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාය . මේ ආකාරයට තනතුරු ලබාදීමෙන් සිදුවෙන අවභාවිතව පිළිබඳව කථානායකවරයාට වැඩි යමක් කීමට ඇත්දැයි නොදනිමු .

මාර්ගගත පනත
මාර්ගගත පනත සම්මත කරගැනීමේදී ශ්‍රේෂ්ටාධිකරණය දුන් නිර්දේශ සිදු නොකොට එය සම්මත කිරීමට කථානායකවරයා කටයුතු කළ බවට නැගෙන චෝදනා විවාදාත්මකය .අධිකරණය පාර්ලිමේන්තුවටට දෙන්නේ නිර්දේශය .ඒ නිර්දේශ පිළිගන්නේද නැතිද යන්න පිළිබඳව තීරණය කරන්නේ බහුතර මන්ත්‍රී වරුන්ය . මාර්ගගත තොරතුරු ගලනය පිළිබඳව සම්මත ප්‍රමිතීන් පිළිබඳව සැලකිල්ලකින් තොරව පනත කඩිමුඩියේ සම්මත කරගැනීමේ හේතුවෙන් දැනටමත්

ආණ්ඩුව පඹ ගාලක පැටලී හමාරය . දැන් ආණ්ඩුව පනත සංශෝධනය කිරීමේ උත්සාහයක නිරතව සිටින්නේ එහෙයිනි.

මේ සම්බන්ධයෙන් කතා නායක වරයා වෙත වරද පැටවීම සාධාරණද යන ප්‍රශ්නය මතුවේ.

දේශපාලන වංගු

සමස්ථයක් ලෙස මෙම විශ්වාශ භංග යෝජනාව සහ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනා විශ්වාශ භංග යෝජනාව අතර වැඩි වෙනසක් නැත . යෝජනා දෙකම බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කල නමුත් ජනතාව පරාජය වුහ.

දේශපාලන වංගු ගැසීම් ඔස්සේ ජයග්‍රහණය පතන ප්‍රතික්ෂේපිත පාර්ලිමේන්තුවකින් ජනතාව ජයග්‍රහන පතන්නේ නම් වරද එතැනයි.

 

 

Related Articles