ඉන්ධන අඩුවක් ඇතිව හෝ දිය හැක්කේ සති දෙකක් බවත් ඉන් පසු ඉන්ධන මිලදී ගැනීම් සිදුකිරීම් පිළබඳව අවදානමක් තිබෙන බව මහ බැංකු අධිපති වරයා සිදුකොට ඇති ප්‍රකාශය පිළිබඳව සංවාදයක් මතුවෙමින් පවතී.
මේ වන විට ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ලබන මස ආරම්භය දක්වා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධනමිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙන් පැවසීය.
මාසයකට ඉන්ධන සඳහා වැය වන වියදම ඩොලර් මිලියන 550ක් පමණ වන බවත්, වාහන සඳහා අවශ්‍ය වන ඉන්ධන වියදම ඩොලර් මිලියන 350 – 400ක් අතර ප්‍රමාණයක් වන බව ඔහු පවසයි.
ඉන්දියාවේ හෝ වෙනත් විදේශ රටකින් ණය ආධාර ලෙස ලබා ගැනීම දුෂ්කර බවයි ඔහු පවසන්නේ. ඇත්ත ගැටළුව වන්නේ එසේ ණය ලබා ගැනීම දුෂ්කර වන්නේ නම් කරන්නේ කුමක්ද යන්නයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඉන්ධන ගැටලුව යම් පමණකින් හෝ විසඳා ගැනීම ප්‍රධාන උපක්‍රම බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය .
ප්‍රධාන ගැටළුව වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීම් ප්‍රමාද වීමයි. මේ පිළිබඳව පළවෙන එක් මතයක් වන්නේ ඉන්ධන අර්බුදය ඇතුළුව අනෙක් ගැටළු හුදු ආර්ථික ගැටළු ලෙස සලකා ඒ හා බැඳුනු සමාජ -දේශපාලනික කරුණු නොසලකා හැරීමයි.
දැනට මේ සම්බන්ධයෙන් පළවෙන් මත කීපයක් වන්නේ :
නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් අළුයම් යාමයේ පළවා හැරීම තුලින් ඔහු පෙන්නුම් කළේ පවතින අර්බුදකාරී තත්වයට ඇති අසංවේදී බවයි. මේ තත්වය වෙනස් කර ගනිමින් විරෝධය පළකරන පිරිස් හා කතා බහ කරගනිමින් සාපේක්ෂ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කඩිනම් කරගත යුතුය.
තවත් මතයක් නම් කවර මතවාදී වෙනස්කම් තිබුනද නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩ කටයුතු කරගෙන යෑමට යම්කිසි කාලයක් ලබා දිය යුතු බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පොදු අවශ්‍ය තාවක් ඇති වැඩ පිළිවෙළක් ලෙස සැලකිය යුතුය.
සියලු දේ පැත්තක දමා ඉක්මන් මැතිවරණයක් පවත්වා ජනමතය නියෝජනය වන පාර්ලිමේන්තුවක් පත්කරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඇතුළු වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව දිගුකාලීන ක්‍රියා මාර්ග වලට එළඹීම තවත් යෝජනාවකි .