ඇදුරු පින්නවල නික්ම ගොසිනි.

ඇදුරු පින්නවල නික්ම ගොසිනි.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජ විද්යා. අධ්යනාංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල දිවිසැරියෙන් සමුගෙන ඇත්තේ මතක සටහන් රැසක් ඉතිරි කරමිනි.

එක්දාස් නමසිය හැත්ත පහේදී සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජ විද්යා අධ්යන අංශයට එක්වූ මහාචාර්ය සිසිර පින්නවල පුරා දශක හතරකට වැඩි කාලයක් විද්යා විද්යාර්ථීන්ට දැනුම දායාද කළේ ය.

දැනුම පමණක් නොව ගුණය

සියල්ලට වඩා ඔහු සිසුන් අතර ජනප්‍රිය වූයේ ඔහු කාටත් ළබැඳි මිතුරෙක් වූ හෙයිනි. ඕනෑම දුකක් කරදරයක් මානුෂික ලෙසින් ඔහු හා සන්නිවේදනය කළ හැකි වූ බව ඔහුගේ සෙවනේ ශිල්ප හැදෑරූවන් පවසති . ඔහු.විද්යාර්ථින්ගේ ජීවිතයට දැනුම පමණක් නොව ගුණය එක් කළ ගුරුවරයෙක් විය.

බැංකොක්හි තාක්ෂණික විද්යා ආයතනයෙන් ශාස්ත්රපති උපාධියත් කැන්බරාහි ජාතික විශ්වවිද්යාලයෙන් ආචාර්ය උපාධියත් හිමිකරගත් මහාචාර්ය සිසිර පින්නවල නැවුම් මාවතක ගමන්ගත් ශාස්ත්රඥයෙක් විය.

වාර්ගික සබඳතා හා දරිද්රතාවයට බලපාන මූල සාධක විශ්ලේෂණය ඔහු ප්‍රභාමත් කළ විෂය ක්ෂේත්‍ර දෙකක් විය.

ෆුල්බ්රයිට් පර්යේෂණ ප්‍රදානයෙන් සම්මානිත මහාචාර්ය සිසිර පින්නවල ශ්රී ලංකා පදනම් ආයතනයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කොට ඇත.

ඔහුගෙන් ශිල්ප හැදෑරුවන් තමන්ගේ ආදරණීය ගුරුවරයා වූ පින්නවල සර්ට නිවන් සුව පතනු ඇත. හිතමිතුරන් ද සිසිරට නිවන් මග අත්වේවායි කියනු ඇත.

එහෙත් ඒ අතරවාරයේ සසර ගමන දිගු වෙතොත් යළිත් පේරාදෙණියට එන්නැ යි කියන සිසුන් මෙන්ම හිතමිතුරන් ද සිටිනු ඇත.

මහාචාර්ය මල්ලිකා පින්නවල සිසිර පින්නවලයන්ගේ ආදරණීය බිරිඳයි.

ඇය  ලිව් පද පේළියකි මේ.

උදැසන පිණි පොදත් සමගින්

මහිස පිරිමැද ඔබ ගියා

බලා සිටිනෙමි කදුළු දෙනතින්

ඔබෙන් හිස් වුන මග දිහා

සාංකාවක් හදේ නැගෙනවා

හුදකලා බව පරදලා

ඔබේ රුව යළි ගැටෙන තුරු නෙත

ඉදිමි මෙලසින් මග බලා

Related Articles