අළුත් අපේක්ෂාවක්

අළුත් අපේක්ෂාවක්

 

සැමට නැගි සිටිය හැකි ජනජීවිතය පිලිබද අළුත් අපේක්ෂාවක්

 

ලාංකිය දේශපාලන තුල, විශේෂයෙන් ‌පශ්චාත් නිදහස් යුගයේ දේශපාලන නායකයින්ගෙත් ජනතාවගේත් අපේක්ෂාව වුයේ රටක් ලෙස ලංකාව දියුණුව කරා යන සංවර්ධනය මාවතකට රට අවතීර්නය කරනුයේ කේසේද යන්නයි.

 

දේශිය මෙන්ම විදේශිය දේශපාලන මතවාද හා ක්‍රමෝපායන් අනුගමනය කල ලාංකීය දේශපාලනයන් මෙන්ම ඔවුන් පසුපස ගමන් කල ග්‍රාමීය නාගරික ජනතාවද 76 වසරකට පසු රටේ ශේෂ පත්‍රය ගණන් බැලිමේදී ලබා ගෙන ඇත්තේ බංකොලොත් ප්‍රතිපලයකී.

අදිරාජ්‍යවාදී බලවතුන්ගේ ග්‍රහණයට නතුව සිටි ලාංකීය ප්‍රභූ ‌පංතිය මෙන්ම සෑම අතින්ම පිඩාවට පත්ව සිටි දේශිය ජන කංඩායමි ජාතික අභිලාශයෙන් යුතුව නිදහස් ලංකාව ගොඩනැගීම සදහා වු වැඩපිලිවෙලකට නතු නොවු අතර එය විවිධ මතවාද හා බෙදීම් මතින් ගිය ගමනක් විය .

 

 

1950 රටේ ජනතාවට ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වු සහල් හිග වු විට එවකට අමාත්‍යා ආර් ජී සේනානායක මහතා චින අග්‍රාමාත්‍ය චවි එන් ලායි මැතිතුමා හමුවේ ලංකාවේ තත්වය ප්‍රකාශ කොට සහල් ඉල්ලලා සිටි විට එතුමා ප්‍රකාශ කලේ ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය සහල් නම් ලංකාව සහලින් ස්වයං පෝෂිත තත්වයක් ඇතිකර ගත යූතු බවයි.ඒ උපදේශය ලබාදුන් නමුත් , ඉන් වසර 74 කට පසුවත් රට ගමන් කර ඇත්තේ පටු මාවතකය

වැටුප සහ අදාල වරප්‍රසාද

විශේෂයේන් 2023 පළාත්පාලන මැතිවරණය පවත්වනු නොලැබුවද එම මැතීවරණය අභියසදී විපක්ෂ නායකවරයා දැඩිව ප්‍රකාශ කොට සිටියේ ” කිසිම පළාත්පාලන සභිකයේක් කොන්ත්‍රාත් කටයුතු කරන්න මුදල් හම්බකරන්න මාත් එක්ක දේශපලනය කරන්න එන්න එපා. වැටුප සහ අදාල වරප්‍රසාද පමණයි ලැබෙන්නේ ” යනුවෙන් කල ප්‍රකාශය වත්මන් දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කරන්නක්ය. මෙවන් භාවිතයක් හිටපු ජනපති ප්‍රේමදාස යුගයේ දි පැවතූනි. ඒ ආභාෂය තුලින් විපක්ෂ නායකයා කල ප්‍රකාශය සාධනියව පිලිගත හැකිය. මෙහිදී අමතක නොකල යුතු කාරණයක් වන්නේ පසුගිය වකවානුවෙහි දි දේශපාලශුයන්ට අමතරව රාජ්‍ය නිලධාරීන් ටද ව්‍යපාර කීරීමට අවස්ථාව ලබා ගෙන පෙල ගැසි සිටීමයි.

මෑතකාලීන ඉතිහාසයේ දේශපාලන සංස්කෘතිය තුලළවි විකෘර්ති තත්වයක් හට ගැණිමට මුලික කරුණු අතර දේශපාලනඥයන් ඍජූව ව්‍යාපාරවල හා කොන්ත්‍රාත් කටයුතු වල යෙදිම, රාජ්‍ය නිළධාරින් වතුපිට දේපල පෞද්ගලිකව ඉපයිම හා පෞද්ගලික ව්‍යාපාරිකයන් සදහා අයුතු ලාබ ඉපයිමය  පේනේ. මෙම තත්වය ලාංකීය දේශපාලන ය තුල උග්‍ර ලෙස පසුගිය දශක කිහිපයේ දී උඩුදුවනු ලැබිණි. මේ තත්වයෙන් රටත් සමාජයත් පරිපාලන ව්‍යහුහයත් යලි නිවැරදි මාවතකට රැගෙන යාමට හැකි නිවැරදි චින්තනයක් සහිත එවැනි දේශපාලන භාවිතයක් පිලිබද විශ්වාසය තැබිය හැකි නායකත්වයක් රටට ඉතා අත්‍යවශය. මෙය බීමි මටිටමේ සිට ගොඩනැගීම තුළින් ඒ  පිලිබද බලාපොරොත්තු තැබිය හැකිය.

ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීම සදහා වු යහපත් අපේක්ෂාවන් ඉටු වෙන සමාජ සම්මුතියක් ඇතිකර ගැනීම සදහා නායකත්වයක් ලබාදිමට උචිත සමාජ ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන රාමුවකට පැහැදිලි අවස්ථාවක් දැන් උදාවී ඇත .

ජනතා අවශ්‍යතා මුල්කරගත් සංවර්ධනය ප්‍රවේශයක්

රටක ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවීමට නමි ජනතා අවශ්‍යතා මුල්කරගත් සංවර්ධනය ප්‍රවේශයක් මත ගමන් කල යුතුය. ජනතාව එහි කොටස් කරුවන් වන සංවර්ධනය රටට සුබදායකයි. එය රටක් දියුණුව කරා ගෙනයයි. එවැනි අවකාශයක් නිර්මාණය කිරිම සදහා ජන වින්යානය සහ සහා සමාජයේ පොදු දැනුම් පද්ධතිය අතර ඇති පරතරය හඳුනන දේශපාලන භාවිතයක් ඉතා අත්‍යවශය. ලාංකීය ජනයාගේ සැබැ අවශ්‍යතාවයන් මෙන්ම ඔවුන්ගේ සමාජ වින්යානය නොහඳුනන විද්‍යත්මක නුතනවාදී දේශපාලනය අතර ඇති පතරය අහසට පොලව මෙනි .

මෙම දේශපාලන අවකාශය හදුනාගනු ලබන දේශපාලඥයින් , ප්‍රභු දේශපාලනය විසින් සලකනුයේ බොළඳ දේශපාලන හෙවත් Baby Politics ලෙසය. එය නිර්ප්‍රභු දේශපාලනයක් අපේක්ෂාකරන්නන් පවා මෙම තත්වය නිවැරදිව හදුනාගෙන නැති අතර එමගින් ඔවුන් පවා ප්‍රභු දේශපාලනයේ අතකොලුවක් බවට පත්ව ඇත.

සැබැ ජන වින්යානය හඳුනාගෙන ඒ මත පදනම්වූ වු දේශපාලන අවකාශයක් සදහා සමාජයේ ඇත්තේ දැඩි ඉල්ලුමකි.
ජනතාවාදී බලගැන්විමක් සහිත දේශපාලන හා සංවර්ධනය පිලිබද භාවිතයක් ගොඩනැගිමේ දැඩි උවමනාවන් සමාජය වෙතින් පළවෙමින් තිබේ ..බිම් මට්ටමෙ ජනතා ආකර්ශනය ලබන හුස්ම හා සක්වල වැඩසටහන් ජනතාව වැලද ගනිමින් සිටින්නේ ඒ යථාර්ථයෙනි.

රික්තයක් ගොඩ නැගී ඇත

දේශපාලන අවකාශය තුල රික්තයක් ගොඩ නැගී ඇත . මේ දේශපාලන රික්තය පිරවිම සදහා මෙවර 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් මුහුණු දෙන දේශපාලන චරිත, කංඩායමි, ‌පක්ෂ, හා ව්‍යාපාර මින් පෙර මුහුණු නොදුන් ආකාරයේ මැතිවරණයකට මුහුණ දෙමින් සිටිති . එනම් භුමියතුල ඉතා නිදහස් වරණයකට අවස්ථාව ජනතාවට උදාවි ඇත. වෙනදා නොමැති බිමි මට්ටමේ බැදිමි අවම තෝතොරාගැනිමේ අවකාශයක් උදා වී ඇත .

පවත්නා තත්වය තුල ජනතාවගේ දේශපාලන කියවිම හා නාඩි වැටිම හදුනා ගෙන එය සමාජයේ පොදු විධිමත් දේශපාලන ශාක්ෂරතාවය සමග බද්ධව ජනතා සහභාගිත්වය, ප්‍රජාත්‍රන්තවාදී පාලනය පිලිබද විශ්වාසය හා සංවර්ධනය උදෙසා පෙලගැස්වෙන දේශපාලන භාවිතයකට අනාගත දොරටු විවර කල හැකි අවස්ථාවක් උදා වෙමින් පවතී.

ලංකිය ජන සමාජයේ හෙට දවස පිලිබද වඩා සුබවාදීව බලාපොරොත්තු තැබිය හැකිය

 

කමල් බණ්ඩාරනායක

Related Articles