අරගලයේ ගීතය රනිල් වෙනුවෙන්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (17) අනුරාධපුරයේ පැවති මංගල ජන රැළියේදී අලුත් ගීතයක්

එළිදක්වනු ලැබිය.

රනිල් වික්‍රමසිංහ ගේ සේවය තව දුරටත් රටට ලබා ගැනීම මේ මොහොතේ පුරවැසියන්ගේ වගකීම බව, පෙන්නෙන්ට තරම් ෆෝකස් විය යුතුයැයි පුරවැසියන්ට තරයේ යෝජනා කර සිටින ”ෆෝකස් ගෲප්’ විසින් මෙම ගීතය නිර්මාණය කර තිබේ.

ඒ ගීතය ගායනා කරන්නේ මින් පෙර බොහො පිරිසකගේ ආදරයට පාත්‍ර වූ ”අරගලයේ ගීතය” බවට ප්‍රචලිත ”අපි සීරුවෙන් ගීතය” ගායනා කළ යොවුන් පරපුරේ ගායිකාවක වන එරන්දි මදූෂීකා විසිනි.

”අපි සීරුවෙන් ගීතය” පළමු වරට එළිදක්වනු ලැබූවේ දිවංගත අමාත්‍ය මංගල සමරවීර විසින් ජාතික සංහිඳියා තරුණ වැඩටහනක් (Youth Vote Force) වෙනුවෙනි. ඒ, 2019 වසරේදී ඔක්තෝම්බර් 27 දාය.

 

 

 

 

එක අරමුණක් හඹා
අපි යමු පෙර මගක් අඹා
වැටි වැටි නැගී පසුනොබා
යමු යමු වී නොපමා හිසේ තබා

හිස්වල හිත්වල අරගලයේ
අත්වල කරගැට මිස නැත ලේ
ඇස්වල දැල්වෙන ගිනි සිළුවෙන්
අඳුරට සාප නොකර දිලිසෙන්

මා හැදු වැඩු මව්බිම දිනනවා
ඒ දාට මා ලොවම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

වස් සිතුවැල් සිත් විස කෙරු ඒ

දොස් මැසිවිලි කවදද දිනුවේ
නොපෙනෙන බලවේගෙකින් දිනූ ජාතින් නැත
ඇත යෙහෙන් තැනූ

මේ දැයට මගේ ණය ගෙවෙනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

මා හැදුවැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

 

Related Articles