අනුරට චීන ජනාධිපතිගෙන් සහ ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම් ලැබුණුහ

අනුරට චීන ජනාධිපතිගෙන් සහ ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම් ලැබුණුහ

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලිපියක් යවා තිබේ.

චීන ජනාධිපතිවරයා තම ලිපියෙන් පෙන්වා ඇති පරිදි, චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් වන අතර, ගතවූ අවුරුදු 67ක කාලය තුළ එම මිතුරුකම් තවත් ශක්තිමත් වී ඇත.

ඉදිරියටත් චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට ෂී ජින්පිං මහතා තම සුබ පැතුම් පණිවිඩය ඔස්සේ ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත.

චීනයේ සේද මාවත ව්‍යාපෘතිය ඉදිරියේදී සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි අවස්ථාවන් පැමිණෙනු ඇති අතර, ද්විපාර්ශ්වීය එකඟතාවය මත ඒ සඳහා එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බව චීන ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සම්බන්ධතා ඉදිරියටත් දෙරටේ ජනතාවට අයහපත් ප්‍රතිඵල ඇති කිරීමේ හැකියාව පවතින බව ෂී ජින්පිං මහතා තම සුබ පැතුම් පණිවිඩය හරහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සඳහන් කර තිබේ.

ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමතාවය’ මූලධර්මය අනුව, ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමිවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පණිවිඩය මඟින් අවධාරණය කරයි.

මේ අනුව, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සමග ඉන්දියාව සමීපව කටයුතු කරමින් ඉන්දීය හා කලාපීය ජනතාවගේ යහපත උදෙසා එකතු වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පණිවිඩයෙන් පවසයි.”

Related Articles