විධායක ජනාධිපතිකම අහෝසියට සුදානම්

විධායක ජනාධිපතිකම අහෝසියට සුදානම්

 

සජබ සහ මාලිමාව විධායක ජනාධිපති කම අහෝසියට සුදානම්

Sri Lanka - Presidents flags | Flag, Sri lankan flag, Sri lanka

එළබෙන 26 වැනිදා එළිදක්වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමද ඇතුළත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින් සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නව ආණ්ඩුව යටතේ බිහි කරන බවද ඔහු කියා සිටියි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණ නතර කිරීම හා ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛකත්වය ලබා දී ඇතැයිද කියා සිටියේය.

රටේ ආර්ථිකය නගා සිටවීම සඳහා මෙම ප්‍රතිපත්ති ප්‍රකශණයේ වැඩි බරක් තබා අතිබවත්, කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, වැවිලි ක්ෂේස්ත්‍රවල ආයෝජනය වර්ධනය කර ආර්ථිකය නගා සිටවීම ගැන එහි තොරතුරු අඩංගු බව ඔහු පැවසීය.

 

සමඟි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද රුවන්වැල්ලේදී රැළියක් පැවසුවේ තමන් විධායක ජනාධිපති තනතුර සම්පුර්ණයෙන්ම අහෝසි කරන බවයි

Related Articles