රනිල් අධිකරණයට හිස නමයිද ?

රනිල් අධිකරණයට හිස නමයිද ?

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය බලවත් අභියෝගයකට මුහුණ දී සිටී.

අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කොට ඇත .

විධායකයේ වැඩ කටයුතු වලට ඇඟිලි නොගසා තමන්ගේ වැඩක් බලාගන්නැයි රනිල් වික්‍රමසිංහ අධිකරණයට කියා සිටි යේ මීට දින කීපයකට පෙරය.

දැන් අනිවාර්යයෙන්ම අධිකරණයට හිස නමා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවෙනු ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

 

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.

තීන්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවය.

පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන අනීතිකව කටයුතු කොට ඇත්ද යන ප්‍රශ්නයද මතුවී තිබේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුල් අවස්ථා දෙකකදී දේශබන්දුගේ නම පොලිස්පති ධුරය සඳහා අනුමත නොකළ අතර තුන් වෙනි අවස්ථාවේ කතානායකගේ තීරක ඡන්දය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නීත්‍යනුකූල නොවන ආකාරයට දන්වා යැවීමෙන් එම ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබීය.

 

 

Related Articles