එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ජනපති අමුත්තන්ට හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ජනපති අමුත්තන්ට හමුවෙයි

රාජ්‍ය පාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සහාය සැපයීමට ප්‍රතිඥා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය, ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ වටාපෙරක් හමුවක් පැවැත්වීය.

මෙහිදී, පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මූලික අවධානය යොමු කෙරුණි. “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මත සකස් කළ වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම වාර්තාව මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් පුර්ණ සහාය ලබාදීමට නියෝජිත මහලේකම්වරිය සහතික කළහ.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මෙම හමුවේදී සිදු කරන ලදී. ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික කටයුතු වල සම්බන්ධතා සීමා වීම, මූල්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රමුඛය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සනාථ කරයි. තවද, කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්වා දීමද මෙම තත්ත්වයට සම්බන්ධ වන බව වාර්තා වී ඇත.
ආසියානු කලාපයේ අනෙකුත් රටවල්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දැඩි දුර්වලතාවයක් පැවතින බව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි. එහිදී, ජනාධිපතිවරයා පැහැදිළි කළේ, කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට හිමිකම් ඇති ඉඩම් ප්‍රමාණය කුඩා බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස නොසලකන බවයි. මෙම ගැටලුව විසඳීමට, කේවල් කිරීමේ හැකියාවන් හා කෘෂිකාර්මික කටයුතු වර්ධනය කිරීම සඳහා උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ නවතම සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට සහකාර මහලේකම්වරිය මෙහිදී කැමැත්ත පළ කළහ. ඇගේ අදහස අනුව, ඩිජිටල්කරණය දූෂණය අවම කිරීමට තීරණාත්මක මෙවලමක් ලෙස සලකනු ලබයි.
මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන ලද්දේ, එවැනි ප්‍රතිසංස්කරණයක් තුළ සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ නියෝජනය සහතික කරනු පිණිස යුතු බවයි. කුඩා මූල්‍ය ක්ෂේත්‍රයේ පැවති ගැටලු සම්බන්ධයෙන්ද, එහි පොලී අනුපාත අසාධාරණ බව ජනතාවට නිවැරදිව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කාන්තාවන්ට සහාය වශයෙන් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සහ කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමට රජය සැලසුම් කර ඇති බවත් සඳහන් කළහ. රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්න සහ ආර්ථික හා පාර්ලිමේන්තුවේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡාවේදී යළි තහවුරු කරන ලදී.

Related Articles