ඉතාලියේ ගඟක ගිලී රුමේනියානුවා සමග ලාංකිකයෙක් මරුට

ඉතාලියේ ගඟක ගිලී රුමේනියානුවා සමග ලාංකිකයෙක් මරුට

ඉතාලියේ ඛේදජනක ජලගැලුම: ලාංකික තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ රුමේනියා ජාතිකයා ද මිය ගොස් ඇත. ඔවුන්ගේ සිරුරු පොලිසිය සහ කිමිඳුම්කරුවන් විසින් ගොඩගැනුණි.

මෙම සිද්ධියෙන් රමේශ් ගනේ ගෙදර නැමැති 23 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික තරුණයකු මෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ගොස් තිස් හැවිරිදි Bogdan Stefan Cristoiu නමැති රුමේනියන් ජාතිකයා ද මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මියගිය ලාංකික තරුණයා පාපන්දු ක්‍රීඩකයකු වන අතර ඔහු බේරා ගැනීමට ගොස් දිවි අහිමි වූ රුමේනියන් ජාතිකයා මල්ලව පොර ක්‍රීඩකයෙකි. මෙම ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීමට තවත් රුමේනියන් ජාතිකයකු ද ගඟට පැන ඇතත් පසුව ඔහු ජීවිතය බේරාගෙන ඇත.

 

ලාංකික තරුණයා ගිලෙන්නට පටන් ගෙන ඇති බව ඇසුණු රුමේනියන් දෙදෙනා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ගඟට පැන ඇත. එහෙත්, ඉහළ ජල මට්ටම හේතුවෙන් ඔවුන් දෙදෙනාම දියේ ගිලී මිය ගොස් ඇත. ලාංකික තරුණයා පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිට නෑමට ගඟට බැස සිටිය දී ගිලෙන්නට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

අවස්ථාවේ ගිලෙමින් සිටි ලාංකිකයාගේ අතක් රුමේනියන් ජාතිකයා අල්ලා ගත්තත් දෙදෙනාම ගිලී නොපෙනී ගොස් ඇති බවට තොරතුරු ඇතැයි ද මාධ්‍ය වාර්තා කළේය.

Related Articles