අර්බුදයේ දිශානතිය සහ පෙරමග

අර්බුදයේ දිශානතිය සහ පෙරමග

ශ්‍රි ලංකාවේ වත්මන් අර්බුදය කොයිබටද ?…….

ශ්‍රි ලංකාවේ අභන්තර දේශපලන උණුසුම දිනේන් දින මෝරමින් පවතී.නිදහසින් අනතුරුව බල දේශපාලනය ගමන්කර ඇත්තේ කවර දිශානතියකටද ?

ඒ ගමන ලාංකීය සමාජයට උරුමකරදී ඇත්තේ කවර ප්‍රතිපලයක්ද ?

ඒ පිළිබඳව තක්සේරුවක යෙදීමට සුදුසුම මොහොත උදාවි ඇත.

අධිරාජ්‍යවාදී යුගයේ ගොඩනැගුණු ධනය තුලින් ගොඩනගා බලයෙන් සිය දේශපලන අයිතිවාසිකම් තහවුරු කරගත් නිදහස් ලංකාවේ බල දේශපාලනයේ මෙහෙයුම්කරුවන් පිරිසක් බිහි වුහ .

මොවුන් තම ධන බලයේ අනුහසින් දේශපලන ව්‍යුහය මත ස්වකීය ආධිපත්‍යය පැතිරවුහ.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා ධනය ඉපැයිමේ මාර්ගයන් හී බලය හිමි මෙම පංතියේ ධන බලයට අභියෝග නොවන සිමාවන් නිරන්තරයෙන්ම රැක ගැනීමට ඔවුන් උනන්දුවුහ . ජනතාවට නිදහසේ සමාජ ක්‍රියාවලියට දායක විය හැකි ඉඩක් සමාජය තුලින් මතු නොවීය .

ඉන්දියාවේ ගාන්ධි, අම්බෙඩ්කාර් හා තාගෝර් වාදී දේශහිතෛෂී නායකයන් එරට ජනතාව මත පදනමි වු නිශ්පාදනය ක්‍රියාවලියක් ගොඩනැගිමට පදනම දැමුහ එහෙත් ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවීය .

ජනතාව මත පදනමි වු නිශ්පාදන ක්‍රියාවලිය නිදහසින් පසු ගොඩනැගුණු නුතන ඉන්දියාවේ නිශ්පාදනය, කාර්මික හා තාක්ෂණික දියුණුවේ පදනම නිර්මාණය කිරිමට දායක විය. මේ පදනම ඔස්සේ ගොඩනැගුනු ධනය හිමි දේශිය පංතිය ඉතා ශක්තිමත් එකක් විය . එම දේශිය ධනපති පංතියට ඉංදියාවේ ආර්ථිකය ජවගන්වා ඊට නායකත්වය දියහැකි විය .

 

මෙම තත්වය ඉතා හොදින් විශ්ලේෂණාත්මකව හදුනාගත හැකි අවස්ථාවක්  බටහිර ඉතිහාසයෙන් උකහා ගත හැකිය .
.

ඓතිහාසික පූර්වාදර්ශ..… 1688 දී ඉංග්‍රීසි විප්ලවය සිදුවිය. එයට පාදක වුයේ 1588 දී අධිරාජයේ රුජින වු පළමු එලිසබත් රුජීනට අවශ්‍ය බදු මුදල් ලබාගැනිමට හිලවි වශයෙන් පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබාදීමට එකග වීමට සිදූවිමයී.

එම යුගයේ ස්පාඤ්ඤ හා ප්‍රංශ රජවරුන හට ධනයෙන් අඩුවක් නොවූ අතර ඔවුන්ට් තමන්ගේ බලය අඩුවෙන ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමේ කැමැත්තක් හෝ උවමනාවක් නොවීය .

ස්පාඤ්ඤ හා ප්‍රංශ රජවරු ස්වකීය ධනයේ බලයේ අනුහසින් තම ආධිපත්‍ය සමාජය මත පතුරුවමින් තම පාලනය ගෙන ගියහ .

අනෙක් අතට 1688 වන විටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල සමාජ සහභාගිත්වය වැඩි දියුණු විය .ඒ සහභාගිත්වය හරහා නව ධනපති පංතියක් බිහි විය .ඔවුන් ඇති කළ සමාගම් බලවත් වූ අතර ධනය ඉපැයිමේ දී මෙම සමාගම් තරඟකාරී විය .

එමගින් කාර්මික විප්ලවය ට සුදුසු පරිසර මහා බ්‍රිතාන්‍ය තුළින් බිහිවිය.

එහෙත් ඒ හා සමාන ඓතිහාසික පසුබිමක් සහ වඩා ධනවත් වූ ස්පාඤ්ඤය යේ හා ප්‍රංශයේ කාර්මික විප්ලවයක් සිදු නොවීය

ස්පාඤ්ඤය යේ හා ප්‍රංශයේ  කාර්මික විප්ලවයක් සිදු නොවීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ බ්‍රිතාන්‍යයේ මෙන් පුළුල් ජනතා සහභාගිත්වයක් මේ රටවල් දෙකේ ඇති නොවීමයි .

මේ උදාහරණයෙන් පසක් වන්නේ ජනතා සහභාගිත්වයක් සහිත ආර්ථික ක්‍රියාවලියක වැදගත් කමයි.

 

 

ලාංකීය ජනතාවට අවස්ථාවක් ඇත…

 

ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීම සදහා වූ ක්‍රියාකිරිමේදී ජනතා සහභාගිත්වයේ වැදගත්කම අවධාරණය
කරන ඓතිහාසික සිද්ධාන්තය මනාව තේරුම් ගත යුතුව ඇත.

නිදහස් ලංකාවේ නිෂ්පාදන බලවේග හැසිරි ඇති ආකාරය මෙන්ම එය දිසාගත වී ඇති ආකාරය අනුව ඊට ශක්තීමත් පදනමක් නැත. ආර්ථිකය තුළ පැතුරුණු පුථල් ජන සහාභාගීත්වයක් හා නිදහස් තරගකාරිත්වයක් කිසිම යුගයක දැකගත නොහැකි විය.

1977 පසු විවෘත ආර්ථික ක්‍රමය හදුන්වා දීම තුල නිශ්පාදනය බලවේග හා ධනය හිමි පංතියේ ස්ථානගතවීම සම්බන්ධයෙන් යම් පමණක ප්‍රතිසංස්කරණ සිදුවිය. වත්මන් අඩපණ වූ ආර්ථික දේහය තුල පවා නෙමැරි පවතින ආර්ථික යාන්ත්‍රනය මෙහෙයවනු ලබන්නේ එම ආර්ථික ප්‍රතිසංස්කරන හේතුවෙනි .

පූළුල්  ජන සහභාගිත්වය, නව අවස්ථාවන් තුලින් නිෂ්පාදනය හා නව පර්යේෂණ සොයාගැනීම් ආදිය නව කාර්මික සංවර්ධනයකට ඉවහල් වීය

එහෙත් 1994 සිට තත්වය හාත් පසින්ම වෙනස් විය. දේශයක් ගොඩනැගිමට අවශ්‍ය නිශ්පාදනය බලවේග පදනමි කරගත් ජාතික ධනය මෙහෙයවන දැක්මක් සහිත ධනවතුන් වෙනුවට කෙටිකාලිනව ධනය රැස්කරගත් හුදු මුල්‍ය ප්‍රතිලාභ ගැන පමණක් හිතන ධනවතුන් පිරිසක් අතරට රටේ ධන බලය හා දේශපාලන බලය කේන්දාගත විය . ඒ හේතුවෙන් අර්බූදයේ තීවිරතාවය වැඩි විය .

මේ වන විට ජනතාවගේ දෛනික ආහාර වේලේ බිත්තරය, පපඩම, හදුන්කුර, පොල්තෙල් , සීනි, සහල් හා පිටි ආදි සියලු දේ මුල්‍ය ධනවතුන්ගේ බිලියන ගනන් මුදල් උපයන කෙටිකාලීන ධන උපායමාර්ග වී ඇත. මෙවන් ආර්ථිකයක් ලොව වෙනත් තැනක ඇත්තේද යන්න සක සහිතය . පුර්වාදර්ශද දැකගැනීම ද අසීරුය .මෙම තත්වය ශ්‍රි ලාංකීය ආර්ථික දේහය පමණක් නොව දේශපාලන හා සාමාජීය දේහයද විනාශ මුඛයට ගෙනයන්නකි.

පූළුල්  ජන සහභාගිත්වය ක් අවශ්‍යයී

මෙහිදී ඉතා වැදගත් උපාය මාර්ගික වෙනස්කම් කිහිපයක් හදුනාගත යුතුය . ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීම සදහා නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කල යුතුය. එය වර්තමාන ගෝලීය විභවතාවයන්ට ගැලපෙන ලෙස බද්ධ කිරීම සදහා තාක්ෂණය යොදා ගත යුතුය.

 

නවින තාක්ෂණය මත පදනමි වු නිශ්පාදනය ආතිරික්තය  අපනයනය කල හැකිය . මෙම ක්‍රියාවලිය පුථල් ජන පදනමක් මත, නිදහස් තරගකාරි සමාජ වෙළදපොලක් වෙතට ස්ථානගත වු කල එම යාන්ත්‍රනය ඉතා ක්‍රියාකාරි ලෙස බලගැන්වේ. එ සදහා වු සමාජ ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවේශයක් ගොඩනැගීම තුළින් සමාජ බලවේග, නිශ්පාදනය බලවේග සමග සමාන්තරව ගමන් කරවීමේ යාන්ත්‍රනයක් ගොඩනැගීම ඉතා අත්‍යවශ කරුණකී.

ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීම පිලිබද අපේක්ෂා ඇති සියථ බලවේග සමාජ ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන කදවුරකට එක්විම මේ මොහොතේ යුතු කාර්යභාරයයී. එය දේශපාලනීක, ආර්ථිකමය හා සාමාජීයම වශයෙන් ප්‍රගතිය අපේක්ෂා සියළු පාර්ශව වල වගකීමයි .වෙසෙසින්ම බල දේශපාලනය නියෝජනය කරන ප්‍රගතිශිලි කංඩායමි, තම බලය පුළුල් ජනතා සහභාගිත්වයකට මගපාදන සමාජ ප්‍රතිසංස්කරන ක්‍රියාවලියක් වෙත යොමුකල යුතුය .

ශ්‍රි ලංකාව නැවත නිවැරදි මාවතට යෙමු කර ගත හැක්කේ ජන සහභාගිත්වය මත පදනම්වූ නිෂ්පාදන ආර්ථික පදනමක් තුලින් පමණි. ගිලන්වූ සමාජ ආර්ථිකය සුවපත් කොට දේශපාලන හා සමාජ දියුණුවක් අපේක්ෂා කරන්නන්ගේ ඓතිහාසික සමාජ වගකීමකි .

2024 ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීම පිලිබද අපේක්ෂාව න් ජනිත ප්‍රජාවක් මත පදනමි වු නිශ්පාදනය හා තාක්ෂණික බලගැන්විමක් සහිත සමාජයක් අපේක්ෂා කරන සමාජ ප්‍රජාත්‍රන්තවාදීන්ගේ පුථල් එකමුතුවක් සමාජය අපේක්ෂා කරයි. එම අපේක්ෂා සපලකල හැකි දේශපාලන නායකත්වයකට හෙට දවසේ රටේත් ඔබේත් අපගේත් සැමගෙත් අපේක්ෂා පුබුදන අනාගතයකට අඩිතාලම දැමිය හැකිය

කමල් බණ්ඩාරනායක

Related Articles