ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ විෂය පථය සහ වගකීම් නිර්වචනය කරන පැහැදිලි ලිඛිත නීති නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ශේෂය සහ සමස්ත ණය සංයුතිය නිශ්චිතව ගණනය කළ නොහැකි බව විශේෂ විගණන වාර්තාවකින් පෙන්වා දී ඇත.
“ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පවරා ඇති විෂය පථයේ වගකීම, රටෙහි නිවැරදි සම්පූර්ණ ණය ශේෂය හඳුනාගැනීම සඳහා ලිඛිත නීතියක් සහ විධිමත් ක්‍රමවේදයක් මගින් පැහැදිලිව හඳුනාගෙන නොතිබුණි. යම් අවස්ථාවක දී සහ එහි සංයුතිය ද හඳුනා ගත නොහැකි විය,” වාර්තාව අනාවරණය කළේය.
ජාතික විගණන කාර්යාලය විසින් “ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව 2018- 2022” නම් වාර්තාව මගින් රජය විසින් සිදු කරන ලද දේශීය හා විදේශීය ණය ගැනීම්, ණය ගැනීමේ මූලාශ්‍ර, ණය වාර්තාකරණය, ණය සේවාකරණය, වැදගත් ලෙස සලකනු ලබන ජයග්‍රහණ පිළිබඳව සොයා බලන ලදී.
2017 සිට 2021 දක්වා කාලය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගවලට අදාළ ප්‍රකාශවල සඳහන් වන රාජ්‍ය මූල්‍ය පිළිබඳ ප්‍රමුඛතා සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගැනීමට රජය අසමත් වීම ද වාර්තාවේ සඳහන් වේ.
විශේෂයෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීමට රජය ගත් ණය ණය ලෙස ගණන් නොගැනීම පිළිබඳව වාර්තාවේ අවධානය යොමු කර ඇත. මෙම ණය මුදල රජයේ හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්රකාශනවල සඳහන් නොවේ. සම්පූර්ණ ණය ශේෂය නිවැරදිව සටහන් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව විගණකාධිපතිවරයා අවධාරණය කර ඇත.
පිළිගත් රාජ්‍ය ණය නිර්වචන සලකා බලා රාජ්‍ය ණය ගණයට වඩාත් නිවැරදිව ඇතුළත් කළ යුතු ණය වර්ග නීතියෙන් නියම කරන ලෙස විගණකාධිපති සී වික්‍රමරත්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි.
සරල ලෙසින් දක්වතොත් ශ්‍රිලංකාවේ ණය ගැනීම් සිදුකොට ඇත්තේ පිළිවෙලක් නැතිවය, ඒ ගැන හරි හැටි නීතියක් රීතියක් නැත, පාර්ලිමේන්තුවේ එකඟ වූ ප්‍රමාණයට වඩා ණය ගෙන ඇත.
මේ වන විට රජයේ ණය ප්‍රතිශතය 2021 දෙසැම්බර් 31 වන විට සියයට 104.6 දක්වා ඉහළ ගොස් ඇත.
අද උපදින දරුවෙක් රුපියල් අට ලක්ෂකයකට ආසන්න ණය බරක් ඇතිව ජීවිතය ආරම්භ කරන අතර එක පුද්ගල ණය 2010 ට සාපේක්ෂව 2021 අවසානය වන විට සියයට 257 ක වැඩිවීමක් නියෝජනය කරයි.